හැටන් සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුනේ අතරමංව සිටි 20 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියක බේරාගැනීමට හැටන් පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සමත්ව තිබේ. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි පදිංචි ලූනා ටූගට් නැමති මෙම තරුණිය, රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධව පර්යේෂණ කටයුත්තක නිරත වෙමින් සිටියදී සිය මිතුරන් සමඟ මෙම කඳු තරණයට එක්ව ඇත. ඊයේ (06) පෙරවරුවේ තනිවම කඳු මුදුන නැරඹීමට ගිය ඇයට ආපසු ඒමට මඟ සොයාගත නොහැකිව අතරමං වී තිබේ.
අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව හැටන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. දැඩි පරිශ්‍රමයකින් පසු කඳු මුදුනේ ගලක් මත රැඳී සිටි ඇයව සොයාගත් පොලිස් නිලධාරීන්, රක්ෂිතය තුළදීම ඇයට අවශ්‍ය ආහාර පාන ලබාදී පසුව හැටන් පොලිස් ස්ථානය වෙත ආරක්ෂිතව රැගෙන ඒමට කටයුතු කළහ. මේ වන විට ඇය නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වේ.














