• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

’සිඩ්නි පුතා’ට වෙඩි තබා මරා දැමූ යුද හමුදා විශ්‍රාමික කපිතාන් රිමාන්ඩ්

1 November 2024
in දේශීය
’සිඩ්නි පුතා’ට වෙඩි තබා මරා දැමූ යුද හමුදා විශ්‍රාමික කපිතාන් රිමාන්ඩ්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පාරේ යනවිට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

සැකකරුට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් නසාර් මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළේය.නිවසක සුරතලයට ඇතිකරන බල්ලකුට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු වන කඳාන, පොල්පිතිමුකලාන, ගල්වල පාරේ පදිංචි පළවෙනි ආරච්චිගේ චමිපික ගයාන් පෙරේරා (55) නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලීසියේ කොස්තාපල් (96866) විජේකොන් මහතා සැකකරුගේ අසල්වැසියකු වන ප්‍රසාදි පෙරේරා මහත්මිය ‘සිඩ්නි පුතා’ නමින් හඳුන්වන අවුරුදු 03ක් පමණ වයසැති කලු/සුදු බල්ලෙකු ඇති කර ඇතැයි දැනුම් දුන්නේය.

නිවස තුළම ඇතිකරන ‘සිඩ්නි පුතා’ සාමාන්‍යයෙන් දිනකට දෙවරක් නිවසින් එළියට යන බවත්, එසේ ගිය පසුගිය 28 වැනිදා පාර් ගමන් ගත් සැකකරුට බුරා ඇති බවත්, සැකකරු වහාම ඔහුගේ නිවසට ගොස් වායු රයිපලයක් ගෙනැවිත් ‘සිඩ්නි පුතා’ගේ බඩට වෙඩි තබා ඇති බවත් කී කොස්තාපල් විජේකෝන් මහතා පසුව ‘සිඩ්නි පුතා’ පශු වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කළත් මියගොස් ඇතැයිද කීය.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අතර උප පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත මහතා විසින් සැකකරු සන්තකයේ තිබු අංක 12660 දරන වායු රයිපලයද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයිද මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් යැයිද කී කොස්තාපල් විජේකෝන් මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් නසාර් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙය හිතා මතා කළ දෙයක් නොවන හෙයින් ඔහුට ඇප නියම කරන්නනැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරමින් සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට නියම කළේය.

 

[ada]

Post Views: 18
Previous Post

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ඉදිරිපිට වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දැලේ

Next Post

බස් රථයේ දමා ගිය රුපියල් ලක්ෂ 15ක මුදල් තිබූ මුදල් පසුම්බිය ඇතුළු දෑ අයිතිකරුටම දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බස් රථයේ දමා ගිය රුපියල් ලක්ෂ 15ක මුදල් තිබූ මුදල් පසුම්බිය ඇතුළු දෑ අයිතිකරුටම දෙයි

බස් රථයේ දමා ගිය රුපියල් ලක්ෂ 15ක මුදල් තිබූ මුදල් පසුම්බිය ඇතුළු දෑ අයිතිකරුටම දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved