මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම් ප්‍රදේශයේ ළිඳකට වැටී කාන්තාවක්, කුඩා දරුවෙකු සහ දැරියක් මියගොස් සිටින බවට 2025.07.24 වන දින මාන්කුලම් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 38 ක්, දැරිය වයස අවුරුදු 11 ක් සහ පිරිමි දරුවා වයස අවුරුදු 03 ක් වූ පනිච්චම්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයන් බවයි පොලිසිය පවසන්නේ.
දැනට සිදු කල විමර්ශන අනුව පොලිසිය සැක කර සිටින්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.
මෘත ශරීර මාන්කුලම් රෝහලේ තැන්පත් කර තිබෙන අතර මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන මේ වන විටත් සිදු කරනු ලබනවා.