• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියදිවි නසා ගැනීම් වලින් ලංකාව තවමත් ලෝකයේ ඉදිරියෙන්ලු

12 July 2024
in දේශීය, පුවත්
සියදිවි නසා ගැනීම් වලින් ලංකාව තවමත් ලෝකයේ ඉදිරියෙන්ලු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ, ඊයේ (11) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේ පැවති විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි. සුමිත්‍රයෝ ආයතනය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,

රටක් ලෙස, මෙම තත්වයට අප කණගාටු විය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය  යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවත්ය.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවද, සිහිපත්කල අමාත්‍යවරයා සිය දිවි නසා ගැනීම් වළක්වාලීමට විශාල දායතක්වයක් සුමිත්‍රයෝ ආයතනය මගින් ලබාදෙන බවද කීවේය.

ස්වේච්චාවෙන් අතිවිශාල පිරිසක් සේවය සපයන සුමිත්‍රයෝ ආයතනයට වසර 50 ක් පිරීම නිමිත්තේන් ඔවුන්ගේ සේවාව අගය කිරීමක් කළයුතු බවත්, කළ මෙහෙයට විශේෂ ස්තූතියක් ද, පිරිනැමිය යුතු බවද, වැඩිදුරටත් කියාසිටියේය.’’

මෙයට සමගාමීව 11වනදා සිට 14 දින දක්වා “Prevent Suicide Connecting in a Disconnected World’’  යන්න තේමා කර ගනිමින් සිව් දින ජාත්‍යන්තර සමුළුවක්ද පැවැත්වෙන අතර ඒ සදහා රටවල් 15ක් නියෝජනය කරමින් 75 කට අධික විදේශීය ස්වේච්ඡා නියෝජිතයින් ද,මෙරට සුමිත්‍රයෝ ආයතනය තියෝජනය කරමින් 80 කට අධික ස්වේච්ඡා නියෙජිතයින් සහභාගී වේ.

1974 වර්ෂයේ දී ආරම්භ කරන ලද සුමිත්‍රයෝ ආයතනයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය පුරවැසියකු වු ජෝන් ද මැල් මහත්මියයි. සුමිත්‍රයෝ ආයතනයේ මුලික අරමුණ වන්නේ සියදිවි හානිකර ගැනීම වැළැක්වීම වේ. එම ආයතනයේ මුලික මෙහෙයුම වන්නේ මරණය වෙනුවට ජීවත්වීම තෝරා ගැනීමට සහය දැක්වීමයි. මානසික පීඩාව, බලාපොරොත්තු සුන්වීම ඇතුළු දිවිහානි කර ගැනීමට ඉවහත් වන සිතුවිලි වලින් පීඩාවිදින්නන්ට මානසික / චිත්තවේගිය සහනයක් ලබාදීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි.   ලොවපුරා ව්‍යාප්ත වු බීෆ්‍රෙන්ඩ්ර්ස් සංවිධානයේ (Befriender’s Organization) ශාඛාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ

coppied

Post Views: 29
Previous Post

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹේ

Next Post

අරක්කු මිල අඩු කළ යුතුයි – නැතිනම් මිනිස්සු යහමගට ගන්න බෑ

Editor TTV News

Editor TTV News

Next Post
අරක්කු මිල අඩු කළ යුතුයි – නැතිනම් මිනිස්සු යහමගට ගන්න බෑ

අරක්කු මිල අඩු කළ යුතුයි - නැතිනම් මිනිස්සු යහමගට ගන්න බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved