• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“සියලු දේ ආපසු ගත්තත් මහින්ද රාජපක්ෂ කෙඳිරිගාන්නේ නෑ”

22 January 2025
in දේශීය, පුවත්
“සියලු දේ ආපසු ගත්තත් මහින්ද රාජපක්ෂ කෙඳිරිගාන්නේ නෑ”
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ කියන්නේ රජයෙන් අහිමි කරන දේවල් ඉල්ලා කෙඳිරි ගාන කෙනෙකු නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘මව්බිම’ට පැවසීය.

කොළඹ, විජේරාම මාවතෙන් ලබා දී තිබෙන නිල නිවසින් තමන් ඕනෑම අවස්ථාවක ඉවත්ව යෑමට සූදානම් බව ත් මොහොතක්වත් බලෙන් රැඳී සිටීමට සූදානම් නැති බව ත් මහින්ද රාජපක්ෂ කීය.

නිල නිවසින් ඉවත් වන්නැයි මෙතෙක් තමන්ට ලිඛිතව දන්වා නොමැති බව ත් එලෙස දැන්වූ පසු තමා ඉන් ඉවත්ව යන බව ත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමාට රජයෙන් ලැබී තිබෙන සියලු දේ ආපසු ලබාගත්තත් මහින්ද රාජපක්ෂ නම් කෙඳිරි ගාන කෙනකු නොවේ යැයි ඔහු පැවසීය.

නිල නිවෙසේ දිගට ම රැඳී සිටින්නේ නම් ඒ සඳහා රුපියල් 46 ලක්ෂයක මාසික කුලියක් ගෙවිය යුතු බව ත් එසේ නැති නම් ඔහු එම නිවසින් ඉවත් විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක කර තිබෙන ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පැවසීය.

හිටපු රාජ්‍ය නායකයෙකුට වාසය සඳහා උචිත නිවසක් කුලියකින් තොරව සැපයිය යුතු බවට ව්‍යවස්ථාවෙන් ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇතැයි පැවැසූ හිටපු ජනාධිපතිවරයා ඒ අනුව තමා මෙම නිල නිවසේ වාසය කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඕනෑම තීන්දුවක් ගත හැකි වුවත් මෙමගින් තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා හමුවීමට විජේරාම මාවතේ නිල නිවසට හිටපු ඇමැතිවරයෙකු වූ ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරුන් හා පාක්ෂිකයන් පැමිණෙන අයුරු දැක ගත හැකි විය.

තිස් වසරක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. කුරිරු යුද්ධය අවසන් කර රටට නිදහස උදා කර දුන් රාජ්‍ය නායකයකු නිල නිවසින් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කිරීම හෙළා දකිමින් පැමිණ සිටි පිරිස් අදහස් දැක්වූහ.

Post Views: 8
Previous Post

වසා දැමු මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘත කෙරේ

Next Post

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved