2025 වර්ෂයේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නවම්බර් 7 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ඒ සමඟම, සිංහල හා දෙමළ පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර දෙසැම්බර් 8 වන සඳුදා ආරම්භ වන බවද දැනුම් දී තිබෙනවා.
අදාළ වාරය සඳහා මුස්ලිම් පාසල්වල දෙවන අදියර ආරම්භ වීමට නියමිත දිනය නොවම්බර් 24 වන සඳුදා බවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා.














