• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
in දේශීය, පුවත්
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ ජූලි 07 වෙනි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, “පුනරුදයේ පෙරමග” රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල හා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

රාජ්‍ය භාෂා සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි, මෙය භාෂාවක අනන්‍යතාවය, ගෞරවය සහ සියලු ජනතාව එකට එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණ සතියක්.

උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන ආදී අත්‍යවශ්‍ය ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවාර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පළිබඳ ප්‍රශ්නයක්ම නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයින් ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එ නිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවීම තහවුරු කළ යුතුයි.

මේ නිසා, සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙන ගතහැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම දැනෙන හැඟෙන භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකූම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට වැටහනෙ භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.
මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.

2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි. යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

Post Views: 17
Previous Post

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

Next Post

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

Editor TTV News

Editor TTV News

Next Post
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

පොලිසියට යන්න ඉන්න කාන්තාවන්ට සුබ පණිවිඩයක්

31 July 2025
අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

අදත් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යයි

31 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

ත්‍රීවිල් හයර් යනව නම් විමසිල්ලෙන් යන්න

31 July 2025
මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

මාලදිවයින් ජනපතිගේ ඉංග්‍රීසි ගුරුවරයා ශ්‍රී ලාංකිකයෙක්

31 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved