රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රිවරයා පවසා සිටින්නේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගතවන අතර බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට නිලධාරීහු 9 දෙනෙක් සිටි බවයි. එසේම දිනකට සැකසිය හැකි ලිපිගොනු සංඛ්‍යාව 144 ක් බව ද එක්කෝටි හැට ලක්ෂයක ලිපිගොනු සැකසීම සඳහා ඒ අනුව දිගු කාලයක් ගත වන බව මන්ත්‍රී පාඨලි මහතා කියා සිටියේය.
ඒ අනුවම සැමට බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවන බව අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කළ යුත්තේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් 1272 ක බදු අය කර ගැනීම බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.
එහෙත් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි රණවක මහතා චෝදනා කරයි. නව බදු ලිපිගොනු සෑම පුද්ගලයකු වෙනුවෙන් විවෘත කිරීමට පෙර, මෙතෙක් නොගෙවූ බදු අය කර ගැනීමට පියවර ගත යුතු බවත් ඊට විධිමත් වැඩපිළිවෙළක් වත්මන් රජය සතුව නොමැති බව පාඨලි මන්ත්‍රීවරයා අවධාරණය කලේය.
ඒ හේතුවෙන් ජනතාව පීඩාවට පත් කරමින්, ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර නවීන තාක්ෂණය ඔස්සේ පුද්ගලයන්ගේ ගනුදෙනු නිවැරදිව නිරීක්ෂණය කළ හැකි බව බව හෙතෙම පැවසිය.
ඒ සඳහා QR කේත යොදාගත හැකි අතර ඒ යටතේ ගනුදෙනු හා ඒවායේ වටිනාකම් පිළිබඳ නිවැරදි දත්ත ලබාගැනීමට හැකියාව ඇති අතරම බදු අයකිරීම විධිමත් තත්වයකට පත් කිරීමට එය පිටිවහලක් බව ද රණවක මහතා වැඩිදුරටත් පැවසිය.