ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 වන වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක අවස්ථා කිහිපයකදී දූෂණය කිරීමේ චෝදනාව මත ඇයගේ පෙම්වතා, ඔහුගේ මිතුරෙකු සහ ඊට අනුබල දුන් තවත් අයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, පෙම්වතා හමුවීමට ගිය අවස්ථාවලදී ඔහු විසින් ඇයව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් තිබේ. එහිදී පෙම්වතා සහ ඔහුගේ මිතුරා විසින් මෙම සිසුවියව කිහිප වතාවක් දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිත්තණියගේ රැකවරණය යටතේ පසුවන මෙම සිසුවිය පසුගිය 17 වැනිදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ පැමිණීම පිළිබඳව ඇති වූ සැකය මත මිත්තණිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම වංචාව හෙළි විය. පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ සිසුවිය තමා මුහුණ දුන් සිදුවීම පාපොච්චාරණය කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ ගිනිගත්හේන පොලිසිය පසුගිය 18 වැනිදා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 සහ 17 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දූෂණයට ලක් වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














