රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් පළමු සුනාමිය රළ උතුරු ජපානයෙන් නිරීක්ෂණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බවයි NHK ගුවන් විදුලි නාලිකාව වාර්තා කර සිටියේ.
කෙසේ වෙතත් ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.
ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.
මේ වන විටත් හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර තිබෙනවා.
ෆුකුෂිමා ඩයිචි සහ ෆුකුෂිමා ඩයිනි න්‍යෂ්ටික බලාගාරවල සේවකයින් ඉවත් කිරීමට ටෝකියෝ බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කම්හල්වල කිසිඳු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති නමුත්, සුනාමි අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කරමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.