‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ජෙනරල් සොඩ් නම් ප්‍රධාන දුෂ්ට චරිතය රඟපෑ සුප්‍රකට
බ්‍රිතාන්‍ය ජාතික නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවු බවයි.
ටෙරන්ස් ස්ටෑම්ප් 1960 වසරේ දී සිය රංගන දිවිය ආරම්භ කර තිබුණා.
ටෙරන්ස් ස්ටෑම්ප්ගේ අභාවය පිළිබඳ ආරංචිය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් ඇති අතර, ඔහුගේ රසිකයන්, සමකාලීන නළු නිළියන්, සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඔහුට උපහාර දක්වනවා.