• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා

9 December 2024
in දේශීය
සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සියලු සුරා බලපත්‍ර නිකුත් කර ඇත්තේ  සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනයේ මෙසේද දක්වේ.

නිදහසින් පසු 2022 වසර වනතුරුම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය මුදල් අය කිරීමක් කර නොතිබිණ. ඒ වනවිට රටේ සෘජු බදු විශාල ලෙස අහිමිවීමේ ප්‍රවනතාවයක්  පෙන්නුම් කෙරිණි.  රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ද ඒ අවස්ථාවේදී රජයට දැනුම් දුන්නේය. ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමිවීමට විකල්ප ලෙස  රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අය කර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබීය.

වර්ෂ 2024 අය වැය කතාවේ අංක V ඡේදය යටතේ ඉදිරිපත් කරන ලද සුරාබදු පරිපාලනය වැඩි දියුණු කිරීමේ  ක්‍රමවේද හා බදු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ වර්ගයේ සුරාබදු බලපත්‍රවලට අදාළ වන මාර්ගෝපදේශ රීති විධිමත් කිරීම, නව නිර්නායක හඳුන්වාදීම, බලපත්‍රවල උපරීම සීමාවන් තීරණය කිරීම, සුරාබදු සේවා සඳහා පරිපාලන ගාස්තු ලබාදීම, ඉල්ලුමට අනුව අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම යන යෝජනා ඇතුලත් අය වැය ලේඛණය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවිණ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 152 දක්වා වගන්ති යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. ඊට අමතරව රාජ්‍ය මූල්‍ය වගකීම් පනතේ 3 වැනි වගන්තිය ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අමතරව නීතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම ආර්ථික පරිවර්තන පනතේ 8 වැනි වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් බලතල ක්‍රියාත්මක කිරීමේදී එහි අධීක්ෂණය ද පාර්ලිමේන්තුවට හිමි වේ.

පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මේ තීරණය වඩාත් ශක්තිමත් කරමින් සුරාබදු ආඥා පනත යටතේ අංක 03/2024 දරණ සුරාබදු නිවේදනය මගින් එතෙක් පැවැති ගාස්තු ප්‍රමාණ ඉහළ නංවමින් 2024 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධන බලාත්මක කරන ලදී.

මේ සියල්ල ආර්ථික සංවර්ධන පන‌තේ 4 වැනි වගන්තියේ d සහ h අනු වගන්තිවලට අනුකූලව සිදුකර ඇත. ඊට අමතරව, 2008 අප්‍රේල් 10 දිනැති අංක 1544/17 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය (සුරාබදු නිවේදන අංක 902) මගින් ප්‍රකාශයට පත් කර තිබූ නියමයන් 2024 ජනවාරි 12 දිනැති අංක 2366/39 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කරන ලදී. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාව විසින් අනුමත කළ බව සදහන් කළ යුතුය.

ඒ අනුව, මහ නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියනයක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,

නගර සභා බල ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 10 ක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 08 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,

අනෙකුත් ප්‍රදේශ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියනයක ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 06 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද,

රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ සඳහා ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී අයකරනු ලබන රුපියල් මිලියන 15 ක ගාස්තුවට අමතරව රුපියල් මිලියන 1.5 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් ලක්ෂ 05 ක ආරක්ෂිත ඇප මුදලක් යටතේ ද, මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර නිකුත් කරනු ලැබීය.

2024 පෙබරවාරි 01 වැනි දින සිට 2024 ඔක්තෝබර් 31 දක්වා නව සංශෝධනය අනුව, සුරාබදු බලපත් වර්ගීකරණයේ ර.බි.4 (F.L.4) යටතට ගැනෙන මත්පැන් සිල්ලරට පිටතට විකිනීමේ බලපත්‍රය යටතේ මත්පැන් අළෙවිසැල් 172කට සහ රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළෙඳ සංකීර්ණ හෝ වෙළෙඳසැල් හෝ 89 ක් සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කරනු ලැබිණි.

මේ සියලු බලපත්‍ර නිකුත් කර ඇත්තේ  සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුවය. බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනල්වරයා නිර්දේශ කළ අයඳුම්පත් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරිණි. එම ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.

මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික වේ. මේ ක්‍රමය 2024 නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකෙහි ද අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 04 ඉක්මව වූ ආදායමක් රජයට ලබාගත හැකි වෙයි.

මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය හා අත්දැකීම් පදනම් කර ගනිමින් 2025 වසරේ සිට නිශ්චිත ප්‍රදේශ නියම කර සුරාබදු බලපත්‍ර 250-300 අතර ප්‍රමාණයක් රුපියල් මිලියන 25 ක අවම ලන්සුවක් යටතේ වෙන්දේසි පදනම යටතේ නිකුත් කිරීමටත්, මෙමගින් ලැබෙන ආදායමෙන් සියයට 25 ක් වෙන්කර අරමුදලක් පිහිටූවීටත්, එය අමද්‍යප ව්‍යාපාරය ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් සැළසුම් කර තිබුණි. තවද මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන අතරවාරයේ දී නව සුරාබදු පනතක් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ගැනීම ද ආරම්භ කෙරිණි.

නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රයකට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු මහජන පැමිණිලි මත එම බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව බලපත්‍රලාභියා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් 2024 අගෝස්තු 09 වැනි දින පිළිගැනීම සහ පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශිත කාලය තුළ (2024.07.26 සිට 2024.09.21 දින දක්වා) මත්පැන් බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කර විනිවිදභාවයකින් යුතුව දේශපාලන ප්‍රවර්ධනයකින් තොරව බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට 2024.08.19 දිනැති ලිපිය මගින් නිර්දේශ ලබාදී තිබීම තුළින් ද මත්පැන් බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය නීත්‍යානුකූල බව තහවුරු කෙරිණි.

පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර කිසිවක් පිනට දී නැත. සිදුවූයේ ඒවා විකුණා රාජ්‍ය ආදායමට සැළකිය යුතු මුදලක් එකතු කර ගැනීමය. ආර්ථික වශයෙන් රට අමාරුවට වැටුණු මොහොතක බදු ආදායමට අමතරව රටට ආදායම් ගෙනෙන නව ක්‍රමෝපායක් ලෙස මේ බලපත්‍ර විකුණු බව ද සඳහන් කළ යුතුය.

බංකොලොත්ව තිබූ ආර්ථිකය ගොඩගැනීම සඳහා දිගුකාලීන දැක්මක් සහිතව ක්‍රියාවට නගන ලද මෙම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම කණගාටුවට කරුණකි.

දැනට ක්‍රියාත්මක විනිවිද හා විධිමත් නව ආදායම් මාර්ගය අහෝසි කර ගන්නවාද, නැද්ද යන්න පිළිබඳවත්, එසේ නැති නම් නව සුරාබදු පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ ද යන්නත් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව තීරණය කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය ය. එසේම, මෙය ඉදිරියට ගෙන යෑමේ හෝ අහෝසි කිරීමේ හෝ බලය ද අමාත්‍ය මණ්ඩලය සතු වන්නේය.

Post Views: 17
Previous Post

නාවිකයින් 2,138 කට උසස්වීම්

Next Post

පොඩි ලැසීට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
පොඩි ලැසීට ඇප

පොඩි ලැසීට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක්ව උස්සලා

මාලිමා මන්ත්‍රී දෙදෙනෙක්ව උස්සලා

27 June 2025

Recent News

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක්ව උස්සලා

මාලිමා මන්ත්‍රී දෙදෙනෙක්ව උස්සලා

27 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved