නවීන තාක්ෂණය සමඟින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා
ඔහු මෙම අදහස් පළ කර සිටියේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනයකට සහභාගී වෙමින්.
ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග දැනටමත් ඉටු කරමින් සිටින බවත්, ගිලන් රථ සේවාවට ලොව පවතින නවීනතම තාක්ෂණය එක් කරමින් එය නව්‍යකරණයට ලක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද, ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර අතිරේක ගිලන් රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බැව් කි අමාත්‍ය වරයා එයට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ණය ආධාර ලෙස ගිලන් රථ 20ක්, සහ තවත් ගිලන් රථ 25ක් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවත් සඳහන් කළා.














