පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් ජනවාරි 07 වැනිදා සිදුව තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළ පරිදි, පිලිපීනයේ බකූලින් (Baculin) නගරයෙන් නැගෙනහිරට කිලෝමීටර් 68ක් දුරින් මුහුදු ප්‍රදේශයේ දී රිච්ටර් පරිමාණය 6.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයකුයි සිදුව තිබෙන්නේ.
භූකම්පනය සිදුව ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බව ද වාර්තා වුණු අතර සුනාමි අනතුරු අවදානමක් නොමැති බවත් එරට මාධ්‍යවාර්තා වල සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට ජීවිත හානි හෝ විශාල දේපළ හානි පිළිබඳ වාර්තා වී නොමැත.














