අලුතින් වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සදහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බව වාහන අලෙවිකරුවෝ පවසනවා.
එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර් රථ මිල අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවයි දේශීය වශයෙන් පාවිච්චි කළ වාහන අලෙවිකරුවන් පවසන්නේ.
මේ අනුව වැගන් ආර් වැනි පාවිච්චි කළ කුඩා වාහන මිලදී ගැනීමට සිටිනවා නම් වාහන මිලදී ගැනීමට නොයා ඒවාට නිසි මිලක් හැදෙනතෙක් බලාගෙන සිටීම නුවණක්කාර බව එම වෙළෙඳපොළ ආරංචිමාර්ග පෙන්වා දෙනවා.
වාහන ආනයන කරන්නන් ජපානෙන් වාහන අරගෙන මිලදී ගෙන එරට තබාගෙන ඇති බවත් ලංකාවෙන් ලැබෙන ඇණවුම් අනුව මෙරටට එවන බැවින් පසුගිය වසර හතකට පෙර ආකාරයට පැවැති වෙළෙඳපොළ මෙවර බලාපොරොත්තු විය නොහැකි බවත් ඔවුහු පවසනවා.
වාහන ආනයනයට ඉඩ ඇත්තේ මෙම වසරේ ජුලි 31 දා වනතෙක් පමණක් බැවින් වාහන විශාල සංඛ්‍යාවක් ආනයනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් වෙළෙන්දෝ පෙන්වා දෙනවා.