ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා මහාධිකරණ පරිශ්‍රයේදී වෙඩි තැබී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් “ඉෂාරා සෙව්වන්දි” නමැති කාන්තාවට එරෙහිව පොලිසිය දැඩි විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ, ඇය නීතිඥවරියකගේ හැඩය ගෙන, පොත් අතර සඟවාගෙන ගිය අයුරින් වෙඩි අවියක් අපරාධකරුවෙකුට ලබාදුන් බවට සැක මතුව ඇති බවයි.
අත්අඩංගුවට ගෙන විමර්ශනයට ලක් කර ඇති “කෙහෙල්බද්දර පද්ම”ගෙන් හෙළිවී ඇත්තේ, සෙව්වන්දි මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සැඟවී සිටින බවයි.
එහෙත් ඇය තවමත් ශ්‍රී ලංකාවේ සිටිනවාද යන්න පිළිබඳවද සොයා බැලීමේ වැඩපිළිවෙල දියත් කර ඇති බව පොලිසිය පවසනවා.
ඇය ඩුබායි හි සිටින බව තහවුරු වූ විට, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය පවසනවා.
මේ අතර, මෙම ඝාතන සැළසුමට සහයෝගය දුන් බවට සැකපිට, ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයෙකු පෙර කාලයක කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තැබූ අතර, රිමාන්ඩ් බාරයේ සිටියදී ඇයගේ මවට පිළිකා රෝගයක් වැළඳී රෝහලේ ප්‍රතිකාර ලබමින් මියගොස් තිබෙනවා.