අප්‍රිකානු සූකර උණ රෝගය පාලනය සහ තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එමගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන “සත්ත්ව රෝග පනත” යටතේ අප්‍රිකානු සූකර උණ රෝගයට අවදානම් ප්‍රදේශ ලෙස නිලවශයෙන් නම් කර ඇති අතර, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ගැසට් පත්‍රය 2025 ඔක්තෝබර් 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එය මාස 3ක් පුරා වලංගු වනු ඇත.
අවශ්‍ය වූ විට රෝග තත්ත්වය අනුව මෙම කාලය දිගු කළ හැකි බව ද සඳහන් වේ.
අදාළ නිවේදනය මගින් රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සූකර සම්පත්, මස්, නිෂ්පාදන සහ සතුන් ගෙනයාම, විකිණීම, හුවමාරු කිරීම, හෝ ප්‍රවාහනය කිරීම වැනි ක්‍රියාකාරකම් තාවකාලිකව තහනම් කර ඇත.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ ගැසට් නිවේදනය මඟින් සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශයන්ට සීමාකිරීමට හා පැතිරීම වැළැක්වීම සඳහා පහත සඳහන් ක්‍රියා හා කටයුතු තහනම් කර තිබේ.
සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, 1999 දෙසැම්බර් 03 දින අංක 1108/23 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයේ VII ආකෘතියට අනුකූලව කොට්ඨාස භාර පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.
ඉහත වගන්තිය ප්‍රකාරව ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් නොමැති ඌරන් මස් පිණිස ඝාතනය කිරීම.
මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියකුගේ අවසර පත්‍රයක් නොමැතිව ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම.
අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යය අපහරණය කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයේ සඳහන් උපදෙස්වලට අනුව මිස, ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකිවන පරිදි යම් ස්ථානයකට දැමීම හෝ ස්ථානගත කිරීම.
මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ඝාතකාගාරයක/ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක හැර වෙනත් ඝාතකාගාරයක ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක ඝාතනය කිරීම/ ගබඩා කිරීම/ සකස් කිරීම.