• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය බලධාරීන් ගහන වංගු කෙළින් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අගමැති හරිනිට යෝජනාවලියක්

28 October 2024
in දේශීය
සෞඛ්‍ය බලධාරීන් ගහන වංගු කෙළින් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අගමැති හරිනිට යෝජනාවලියක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සෞඛ්‍ය අංශයේ සිදුවන මහා පරිමාණ දූෂණ, වංචා නැවැත්වීම සහ අධික පිරිවැය අඩු කිරීම සඳහා ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළව ඉක්මන් අවධානය යොමු කරන ලෙස තම සංගමය පසුගිය දා සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ‘මව්බිම’ට පැවසීය.

එම සංගමය පසුගිය සතියේ 24 වන දා අගමැතිවරිය හමුව ඇති අතර එහිදී මේ වන විට රටේ සෞඛ්‍ය සේවය අත්විඳින බරපතළ ම කාරණා සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ බව ද එහිදී එම සාකච්ඡාවට තම සංගමය යෝජනා කිහිපයක් අගමැතිවරිය වෙත යොමු කළ බව ද සඳහන් කළේ ය.

මේ වන විට රටේ ඖෂධ හිඟයක් ඇති වීමටත් ඇතැම් ඖෂධ සඳහා අධික පිරිවැයක් වැය වීමට ද හේතු ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ, තොග වශයෙන් ඖෂධ මිල දී ගැනීම නිසි පරිදි සිදු නොවීම යි.

මේ හේතුවෙන් වැඩි මිලක් දී හදිසි මිල දී ගැනීම්වලට අමාත්‍යාංශය කටයුතු කරන බව ත් මෙම තත්ත්වයෙන් එක් අතකින් ඖෂධ හදිසියේ මිල දී ගැනීමේදී වැඩි මිලකට ලබා ගැනීමට සිදුවීම සහ තොග වශයෙන් එකවර ලබා ගැනීමේදී සැපයුම්කරුවන් වෙතින් ලැබෙන වට්ටම් ලබා ගැනීමට ද නොහැකි වන බව ත් ක්‍රියාවලිය තුළ දූෂණය සහ නාස්තිය පවතින බව ත් ඔවුන් පෙන්වා දී ඇත.

එසේ ම, එක ම ඖෂධයේ ලියාපදිංචි නාම රැසක් යටතේ ගෙන්වීමෙන් ද මිල සහ ගුණාත්මක බව අතර අර්බුද මතුවන බව ත් මේ තත්ත්වය එලෙස ගෙන්වන ඖෂධ වර්ග ගණන (වෙළෙඳ නාම යටතේ) අඩු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.

මේ වනවිටත් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත නෛතික බලතල සහිත වුව ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද අගමැතිවරියගේ අවධානය යොමු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කර ඇත.

එසේ ම, “දැනට ක්‍රියාත්මක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රියාවලියේ පවතින දුර්වලතා ද අපි අගමැතිවරියට පෙන්වා දුන්නා. මේ සියලු කරුණු පිළිබඳව ඇය අවධානය යොමු කළා. කෙසේ වුවද මේවා අන්තර්වාර ආණ්ඩුවක් තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බව ඇය අපට පැහැදිලි කළා. ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් යොදන බව” අගමැතිවරිය පැවැසුවා යැයි ද වෛද්‍ය ගුණරත්න ප්‍රකාශ කළේ ය.

Post Views: 14
Previous Post

“තවමත් ශ්‍රී ලංකාව ණය අසාදු ලේඛනයේ”- මහ බැංකු අධිපති

Next Post

සහල් තොග ගණන් ගන්න පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ මෝල්වලට යයි

Editor TTV News

Editor TTV News

Next Post
සහල් තොග ගණන් ගන්න පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ මෝල්වලට යයි

සහල් තොග ගණන් ගන්න පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ මෝල්වලට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved