සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් පසුගිය පැය කිහිපය තුළ එරට ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඩ්‍රෝන යානා (Drones) දෙකක් සාර්ථකව හඳුනාගෙන විනාශ කර දැමූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිවේදනය කළේය.
සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මල්කි (Turki Al-Malki) මහතා සඳහන් කළේ, සෞදි අරාබියේ ආරක්ෂක පද්ධති නිරන්තර අවධානයෙන් පසුවන බවත්, එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවත්ය. සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය (SPA) මගින් නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව මෙම ඩ්‍රෝන යානා දෙකම ගුවනේදී විනාශ කර ඇති අතර, එමගින් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ සෞදි අරාබිය සිය ගුවන් සීමාවේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.













