නිරූපණ ශිල්පිනිය පියුමි හංසමාලි නැවතත් විශාල කතාබහක් ඇති කළේ ඊයේ (21) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පැමිණීමෙන්.
පොලීසිය සඳහන් කළේ, දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” සමඟ පැවති සබඳතා පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කිරිම සදහා ඇයව ගෙන්වු බවයි
කෙසේ වෙතත් පැය තුනකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ඇය CID වෙත පැමිණියේ පොලීසියෙන් ලැබුණු විශේෂ දැනුම්දීමක් අනුව බවයි වාර්තා වුනේ.
මෙම විමර්ශනවලට අමතරව, තවත් නිරූපිකාවන් හා රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුටද ඉදිරි දිනවලදී CID හමුවේ පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළා.