බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කර සිටිනවා.
වත්මන් තත්ත්වය සහ ගමන් මග ලෙස ගතහොත් දැනට පොතුවිල් වෙරළට කිලෝමීටර් 350ක් පමණ ගිනිකොණ දෙසින් ස්ථානගතව තිබෙනවා.
හෙට (ජනවාරි 09) පස්වරුවේදී මෙම පද්ධතිය හම්බන්තොට සහ කල්මුණේ අතර ප්‍රදේශයෙන් දිවයිනට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැඩිව උපදෙස් දී තිබෙනවා.
දැනට මුහුදු ගොස් ඇති පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා පැමිණිය යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
තවද පීඩන අවපාතය දිවයින හරහා ගමන් කිරීමේදී තද වැසි සහ තද සුළං ඇති විය හැකි බැවින්, ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.














