අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා.
වත්මන් රජය හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු කරුණු අන්තර්ගත වී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.
පෙළපොත් හෝ අධ්‍යාපන මොඩියුලවල විෂය කරුණු සම්බන්ධයෙන් බරපතළ වැරදි රැසක් පවතින බවත් මෙම වැරදි නිවැරදි කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමට අමාත්‍යවරිය අපොහොසත් වී ඇති බව ත් විපක්ෂය පෙන්වා දෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, යෝජනාවට ප්‍රථමයෙන්ම අත්සන් තබනු ලැබුවේ විපක්ෂ නායකවරයා විසින්. අනතුරුව සෙසු විපක්ෂ මන්ත්‍රීවරුන් ද ඊට අත්සන් තැබීමට එක් වුණා.
















