රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙන බවට වාර්තා වී තිබෙනවා.
හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත.
ඒ අනුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතර, අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.