• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැම වෙලාවෙම වතුර තිබහයි ද?

28 April 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
හැම වෙලාවෙම වතුර තිබහයි ද?
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

1. දියවැඩියාව රෝගය

දියවැඩියාව රෝගී තත්වයේදී ඔබේ සිරුරේ සෛල ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිචාර දැක්වීම අඩුයි නම් හෝ ප්‍රතිචාර දක්වන්නෙ නැත්තම් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් .එවැනි අවස්ථාවකදි ශරීරයේ ග්ලූකෝස් වලට යාමනයක් වෙන්නෙ නෑ. රුධිරය තුල එක්රැස් වීම වෙනවා.. ඔබේ වකුගඩු වලට මේ අවස්ථාවෙදි සිදුවෙනවා වෙනදට වඩා විශාල වැඩ ප්‍රමාණයක් කරන ගමන් ඔබේ සිරුරේ එකතුවෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉවත්කරන්න.
මේ තත්වයෙදි ඔබට වැඩි කාල සීමාවක් මේ වැඩිපුර ග්ලූකෝස් මුත්‍රා සමග ඉවත් කිරීම සදහා යොදවන්න වෙනවා. ඒ කියන්නෙ වැඩිපුර වාර ගණනක් මුත්‍රා කිරීම සදහා වැසිකිලි යන්න සිදුවෙනවා. මේ හේතුව එක්ක ශරීරයෙන් ඉවත්වෙන ජල ප්‍රමාණය ඉහල යනවා. ඔබ විජලන තතවයකට පත්වෙනවා.

රුධිරයෙත් ග්ලූකෝස් මට්ටම ඉහල නිසා ශරීරයේ සෛල වලින් ජලය රුධිරයට අවශෝෂණය වෙන්න ගන්නවා. මේ නිසා සෛලත් වියලීමට ලක්වෙනවා. ඔබට ඇතිවෙන්නෙ නොසංසිදෙන පිපාසයක්. ඔබේ මොලයෙන් මේ සදහා නිකුත් කරන නිවේදනය තමයි දිගටම වතුර බොන්න කියන එක. නමුත් මේ වතුර බීමෙන් පිපාසය අඩුවීමක් වෙන්නෙ නෑ. දියවැඩියාව රෝගය හදුනාගැනීමේ මූලිකම ලක්ෂණ දෙකක් වෙන්න මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම සහ අධිකව ඇතිවෙන නොසංසිදෙන පිපාස තත්වය. ඉතින් ඔබටත් මේ වගේ රෝග ලක්ෂණයක් තියනවා නම් ප්‍රමාද නොකරම රුධිරගත සීනි පරීක්ෂාවක් සිදුකරගන්න කියලාඔබට මතක් කරනවා.

2. රක්තහීනතාවය

පාණ්ඩු රෝගය එහෙමත් නැත්තම් රක්තහීනතාවය කියන්නෙ ඔබේ ශරීරයේ රතු රුධිර සෛල මට්ටමේ ඇතිවන හිගතාවය. මේ නිසා ඔබේ ශරීරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩුවෙන නිසා හිමොග්ලොබින් මට්ටමත්
අඩුවෙනවා. අධික රුධිර වහනයක් නිසා හෝ පෝෂණ ඌනතාවයන් නිසා ගොඩක් දුරට මේ රක්තහීනතා තත්වය ඇතිවෙනවා. මේ වගේ අවස්ථාවකදි ඔබට ක්ලාන්තය, හිස කරකැවිලි ස්වභාවය සහ අධික පිපාසය ඇතිවීම සාමාන්‍ය දෙයක්.
මේ වගෙ අවස්ථාවකදි වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාවක් මගින් ඔබේ රුධිර සෛල මට්ටම් පරීක්ෂා කරගන්න අමතක කරන්න එපා.
ඔබේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම් සහ රතු රුධිර සෛල අඩු අවස්ථාවකදි ඒ මට්ටම් ඉහල නංවන පුළුවන් හොඳ ම ස්වාභාවික ඖෂධයක් තමයි මොණරකුඩුම්බිය කැද කියන්නෙ කියලත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන.

3. රුධිරගත කැල්සියම් මට්ටම් ඉහල යාම හෙවත් හයිපර් කැල්සීමියා තත්වය.

ශරීරයේ කැල්සියම් මට්ටම් ඉහල යාම කියන්නෙ තරමක් අවදානම් අවස්ථාවක්. ගොඩක් වෙලාවට මේ වගේ වෙන්නෙ ඔබේ තයිරොයිඩ් ග්‍රන්තිය අසලම තිබෙන පැරාතයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහල ගියාම.
සිරුරේ කැල්සියම් මට්ටම් යාමනය කරන්නෙ මේ ග්‍රන්තිය මගින්. ඒ වගේම ක්ෂය රෝගය සහ විවිධාකාර පිලිකා තත්ව වලදිත් මේ විදියට කැල්සියම් මට්ටම් ඉහල යාම සිදුවෙනවා. Hypercalceamia තත්වයේදි මුලින්ම දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි මේ පිපාස ස්වාභාවය. රුධිරයේ කැල්සියම් මට්ටම් ඉහල යද්දි අස්ථි දුර්වල වෙනවා වගේම වකුගඩු වල ගල් ඇතිවීමත් සිදුවෙන්න පුළුවන්.

4. Dry mouth රෝගී තත්වය

ඔබේ මුඛය නිරන්තරයෙන්ම තෙත්ව පවත්වාගන්න ඒ තුල තිබෙන ඛේට ශ්‍රාවී ග්‍රන්ති ලොකු කාර්‍යභාරයක් ඉටුකරනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී මේ ග්‍රන්ති වලින් ඛේටය ශ්‍රාවය වීම අඩුවෙනවා හෝ නවතිනවා. මේ නිසා ඔබේ මුඛය නිතරම වියලි ස්වාභාවයක් ගන්නවා. පිපාස ස්වාභාවයක් ඇතිවෙනවා. මෙහෙම වෙන්න එක් හේතුවක් තමයි දුම්බීම දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කිරීම කියන්නෙ. ඒ වගේම ඇතැම් ඖෂධ වර්ග සහ පිලිකා තත්ව වලදී සිදුකරන ප්‍රතිකාර නිසාත් මේ වියලි ස්වභාවය සහ පිපාස ස්වභාවය ඇතිවෙන්න පුළුවන්

සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්

Post Views: 33
Previous Post

වාහන මිල ගැන අලුත්ම නිවේදනය

Next Post

D.S සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය

Editor TTV News

Editor TTV News

Next Post
D.S සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය

D.S සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved