• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමති ටිරාන් අලස්ට තවමත් STF ආරක්ෂාව දෙන්නේ ඇයි?

මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ 6 දෙනයි - ටිරාන් අලස්

19 February 2025
in දේශීය, පුවත්, විශේෂාංග
හිටපු ඇමති ටිරාන් අලස්ට තවමත් STF ආරක්ෂාව දෙන්නේ ඇයි?
0
SHARES
43
VIEWS
Share on FacebookShare on Twitter

ජීවිත තර්ජන ඇති බවට හඳුනාගත් මහජන නියෝජිතයින් සහ වෙනත් පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් හෝ විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදුකෙරේ.

එහිදී, අදාළ පුද්ගලයාට ආරක්ෂාව සැලසිය යුතු ද? යන්න පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇති වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක පසුගිය දා තවත් හිටපු අමාත්‍යවරයෙකුට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

‘ඔබතුමාලාට නැති ආරක්ෂාවක් ටිරාන් අලස්ට ඇයි?’

පසුගිය අඟහරුවාදා (පෙබ: 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

එහිදී, මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසුවේ, “ඔබතුමාලාටවත් නැති එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ටිරාන් අලස්ට දී ඇත්තේ, කුමන හේතුවක් මත ද?” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජීවිත තර්ජන ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් සඳහා ආරක්ෂාව ලබා දෙන බව ය.

‘මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ 6 දෙනයි’ – ටිරාන් අලස්

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 19 දෙනෙකු යොදවා තිබු අතර ඔහුට වෙඩි නොවදින නිල වාහනයක්ද ලබාදී තිබිණ.

කෙසේවුවද වත්මන් ආණ්ඩුවට බලයට පත්වූ පසු ටිරාන් අලස් වෙත ලබාදී තිබු වෙඩි නොවදින නිල රථය යලි පවරා ගනු ලැබිය.

“ටිරාන් අලස් ඇමති ධූරය දරන කාලයේ ඉඳලා ම ආරක්ෂාව දීලා තිබුණා. ඒ කාලේ පාතාල සාමාජිකයින්ගෙන් එහෙම තර්ජන තිබුණා. ඒ නිසා ඉහළින් ලැබුණු උපදෙස් මත තමයි ආරක්ෂාව දීලා තියෙන්නේ,” ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීවරයෙකු බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

තමන්ට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇතැයි 2023 මැයි 22 වන දා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

“දැන් මගේ ආරක්ෂාවට ඉන්නේ එස්.ටී.එෆ්. එකේ හය දෙනෙක් විතරයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ආරක්ෂකයින් ගණන 6කට අඩු කළා. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අනික් සාමාජිකයින්ටත් ආරක්ෂාව දෙන්න කියලා බුද්ධි අංශ වාර්තාවලින් අනතුරු අඟවලා තිබුණා,” හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට පවසා ඇත.

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ, ජීවිත තර්ජන සම්බන්ධයෙන් මාස හයකට වරක් සිදු කරන විශ්ලේෂණ හරහා ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා බලන බව ය.

“සමහර අය සම්බන්ධයෙන් ඇසෙස්මන්ට් කරන්න කියල තියෙනවා. ආරක්ෂාව සපයන්න අවශ්‍ය නැති අය ඉන්නවා නම් ඒකෙදි තීරණය කරනවා. මාස හයෙන් හයට ඒ විශ්ලේෂණ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අනවශ්‍ය අයට දීලා තියෙන ආරක්ෂාව ඔක්කොම අයින් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා,” අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

“ආරක්ෂාව පිළිබඳව තීන්දු කරන්නේ ආරක්ෂක විශේෂඥයෝ. ඔවුන් තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණ කරනවා. යම් කෙනෙක් ඉල්ලීමක් කළොත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා අදාළ පියවර ගන්නවා. ඒ වාර්තා අනුව ආරක්ෂාව දිය යුතු ද?, කොපමණ ආරක්ෂාවක් දිය යුතු ද? දීලා තියෙන ආරක්ෂාව වැඩි ද? මදි ද? කියන කාරණා සලකා බලනවා,” ඔහු වැඩිදුරටත් පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල  බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත්තේ, ටිරාන් අලස්ගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ද යළි සමාලෝචනයක් සිදු කරන බව ය.

ටිරාන් අලස්ට ජිවිත තර්ජනයක් එල්ල වී තිබුනේ ඇයි ?

ටිරාන් අලස් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත පාතාලයෙන් හා මත්කුඩු ජාවාරම්කරුවන් ගෙන් බරපතල ජිවිත අනතුරක් පවතින බව එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහට සහ හිටපු පොලිස්පතිවරයා වෙත රහස්‍ය වාර්තාවක් මගින් දැනුම්දී තිබුනේ රාජ්‍ය බුද්ධි සේවාවන් විසිනි.

ඒ අනුව ඔහුගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කලේ ම, එවකට ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය අත්පත් කර ගෙන සිටි තරුණ අරගල කරුවන් එම ස්ථාන වලින් පලවා හරිමිනි. ‘අන්තරේ’ විරෝධතා කඳුළු ගෑස් හා ජාල ප්‍රහාර මගින් විසුරුවා හරිමිනි. ගාලු මුවදොර ‘අරගල භුමියේ’ කඳවුරු බැඳගෙන සිටි අරගල කරුවන් ද එම ස්ථානයෙන් පලවා හැරීමට ඔහු කටයුතු කළේය.

අනතුරුව ඔහු, රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට 2023 දෙසැම්බර් මස 17 වෙනිදා  ‘යුක්තිය’ නමින් මෙහෙයුමක් ඇරඹිය.

එම මෙහෙයුම තුලදී මත්කුඩු වලට ඇබ්බැහිව සිටි තරුණයින් විශාල පිරිසක් පුනරුත්තාපනයට ලක්කිරීමට කටයුතු කල අතර කුඩු ජාවාරමට හා පාතාලයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් රාශියක් නීතියේ රැහැනට අසුකර ගනු ලැබිය.

බරපතල අපරාධකරුවන් 46 දෙනෙකුට රතු වරෙන්තු !

පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සිටිමින් මෙරට තුළ එවැනි ක්‍රියාකාරකම් කරන බවට හෙළි වූ තොරතුරු මත, රටින් පලාගොස් සිටි පතල නායකයින් යයි චෝදනා ලද පුද්ගලයින් 46 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගැනීමට ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු පෞද්ගලිකව ම මැදිහත්ව තිබිණ.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරටට අත්‍යවශ්‍යව සිටින විදෙස්ගත සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමට රතු වරෙන්තු 46ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව 2024 පෙබරවාරි මාසයේදී බීබීසී සිංහල වෙත පවසා තිබිණ.

ඉන්ටර්පෝල් එක හරහා රතු වරෙන්තු ලැබූ අත්‍යවශ්‍ය සැකකරුවන් 46 දෙනා මෙන්න

01- වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් හරක් කටා
Wickramarathna Nadun Chinthaka @ Harak kata

02- සෙල්ලප්පෙරුමගේ සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු
Sellapperumage Salindu Malshika Gunarathna @ Kudu salindu

03- සමරරත්න සංජිව කුමාර නොහොත් ගනේමුල්ලේ සංජිව
Samararathne  Sanjeewa Kumara @ Ganemulla Sanjewa

04- දොඩන්ගොඩ ලියනගේ ශාන් අශොෂ් ජයසිංහ නොහොත් මතුගම ශාන්
Dodangoda Liyanage Shan Arosh Jayasinghe @ Mathugama Shan

05- කපුරු බණ්ඩාරගේ දොන් නිපුන චමිත් උදයංග නොහොත් ඩුබායි නඳුන්
Kapuru Bandarage Don Nipuna Chamith Udayanga @ Dubai Nipuna

06- පොන්නප්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ් බුද්ධික නොහොත් ජිලා
Ponnaperuma Arachchige Don Dhanush Buddika @ Jile

07- සෝබන හැන්දි ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුදා
Sobana Handi Jayalath Silva @ Karandeniye Sudda

08- කොඩිතුවක්කු මුදලිගේ තමජ් කචින්ත
Kodithuwakku Mudalige Tamaj Kachintha

09- ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සරණේ
Gamage Saranga Pradeep @ Welle Saranga

10- කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් ලලියා
Kannangarage Lalith Kannangara @ Laliya

11- පොතුපිටිය කන්නන්ගර ප්‍රෂත් දිනුක නොහොත් ලහිරු
Pothupitiya Kankanamge  Prasheeth Dinuka  @ Lahiru

12- ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන්
Jayasekara Vithanage Ruwan Chamara @ Midigama Ruwan

13- හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා
Hapuarachchige Don Pium Hasthika @ Piuma

14- අදිකාරම මුදියන්සේලාගේ රමේෂ් නොහොත් මන්න රමේෂ්
Adikarama Mudiyanselage Ramesh Priyajanaka  @ Manna Ramesh

15- කොරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා
Koralagamage Mandinu Pathmasiri Perera

16-  පරණ හේවගේ නිලංකා සම්පත් සිල්වා
Parana Hewage Nilanka Sampath Silva

17- කළුදුර දිනේශ ශ්‍රීයාමන්ත ද සිල්වා නොහොත් බායි
Kaludura Dinesh  Shayamantha de Silva @ Babi

18- රාජපක්ෂ පතිරණගේ ප්‍රභාත් මධුශංක නොහොත මිදිගම චුටි
Rajapaksha Pathiranage Prabhath Madhusanka @ Midigama Chuty

19- අබේරත්න සිරිවර්ධන ශක්ති ලක්රුක
Abeyrathna Siriwardana Shakthi Lakruka

20- වන්නකවත්ත වත්තේ වඩුගේ අසිත චන්දික ප්‍රනාන්දු
Wannaka Watta Waduge Asitha Chandika Fernando

21- රන්දොඹගේ චරිත් සංගකැලුම් නොහොත් රන් මල්ලි
Randombage Charith Sandakelum @  Ran Malli

22-අබේරත්න සිරිවර්ධන ශක්ති ලක්රුක
Abeyrathna Siriwardana Shakthi Lakruka

23- ජාකොදිගේ තනුජා සම්පත් නොහොත් හඳයා
Jakodige Thanuja Sampath @ Hadaya

24- විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිනේෂ්
Vithanage Don Gethmal Binoi Dilshan

25- වෙවලගේ චම්පික ප්‍රසන්න කුමාර
Wewalage Champika Prasanna Kumara

26- කන්කානම්ගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් චතු
Kankanamlage Dimuthu Chaturanga Perera @ Chathu

27- නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්
Nanayakkara Agarage Nishantha Saman Kumara Dias

28- මහගමගේ දිනේශ ප්‍රියංකර නොහොත් ජයසේකර චුටි
Mahagamage Dinesh Priyankara @ Jayasekara Chuty

29- රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා
Ranmuni Mahesh Hemantha Silva

30- යමන් සපුගේ මනෝජ් මුතුකුමාර ප්‍රියදර්ශන නොහොත් MMK නොහොත් කයිවාරු මුතු
Yaman Sapuge Manoj Muthukumara Priyadarshana @ MMK @ Kaiwaru muthu @ Danuka Amarasingha

31- ලියන ආරච්චිගේ චමින්ද චන්ද්‍රසිරි නොහොත් බෙලි රනා
Liyana Arachchige Chaminda Chandrasiri @ BELI RANA

32- කඩුමුල්ලේ ආරච්චිගේ මංජුල ප්‍රසාද් හේමන්ත නොහොත් පට්ට මංජු
Kadumulle Arachchige Manjula Prasad Hemantha @ Patta Manju

33- L .සංජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටි
Laththuwahandi Sujeewa Ruwan Kumara De Silva @ Loku Pati

34- මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්
Mohomad Najeem Mohomad Imran @ Kanjipana Imran

35- ලියන ආරච්චිගේ විමල් ශාන්ත නොහොත් උනකුරුවේ ශාන්ත
Liyana Arachchige Wimal Shantha @ Unakuruwe Shantha

36- ගල්කැටි දේවගේ සුරාජ් රණවක නොහොත් වලියේ සුරාජ්
Galketi Dewage Suraj Ranawaka @ valiye Suraj

37- සේපාල රත්නවක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල
Sepala Rathnayaka Amila Sampath @ Rotuba Amila

38- නඩ කන්දෙගේ උපාලි නොහොත් රොටුඹ උපාලි
Nada kandage Upali @ Rotuba UPali

39-කඩන්ගම දෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් නොහොත් චන්දන
Kadangama Deniye Gedara Pradeep Sadaruwan @ Chandana

40- පත්ත මෙස්ත්‍රීගේ ශාලින්ත මධුෂාන් නොහොත් කමාන්ඩෝ ශාලින්ත
Paththa Mesthrige Shalintha Madushan@ Commando Shalintha

41- රැන්ඩෝෆ් ජූඩ් බාටිස් නොහොත් වනාතේ ජූඩ්
Randolf Jude Bates @ Wanathe Jude

42- ඉනාවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් ගොත අසන්ත
Inawatta Arachchige Amila Nuwan @ Gotha Asanka

43- වික්‍රමසිංහ ආරච්චිගේ රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් චුට්ටන්
Wickramasinghe Arachchige Ranga Prasad Gunasekara @ Chuttan

45- මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර
Munipalage Ravidu Sandeepa Gunasekara

46- කළුතරගේ දුමින්ද උදිත කුමාර
Kalutharage Duminda Ujitha Kumara

  • theleader.lk
Post Views: 45
Previous Post

ලාංකිකයන් 2,000 ක​ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දීමට පියවර

Next Post

රසයෙන් ගුණයෙන් පිරි කුරක්කන් පුඩින් හදමු

Editor TTV News

Editor TTV News

Next Post
රසයෙන් ගුණයෙන් පිරි කුරක්කන් පුඩින් හදමු

රසයෙන් ගුණයෙන් පිරි කුරක්කන් පුඩින් හදමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved