• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
in දේශීය, පුවත්
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. 

හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර ඇති සම්පූර්ණ සටහන පහතින්,

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තු හිදී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි. 

මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24 ක කාලයක් ඇතුළත මම විජේරාම නිවසට සමු දුනිමි. ඒ අප නීතියට ගරු කළ යුතු නිසාවෙනි. මහින්ද රාජපක්ෂ වන මා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ මගේ ජනතාව හමුවේ පමණි.

පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තීමය භාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට අප සැමට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට ආනුෂංගිකව පැන නැඟී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට මා පත්ව ඇත. එහෙත් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනක මා පසුතැවිලි වන්නේ නැත. මා යුධ වැදුනේ මේ මාතෘ භූමිය තුළ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙනි. හුස්ම අප සැමට පොදුය. ජාති ආගම් භේද නැත. අපගේ හුස්ම වෙනුවෙන් තම හුස්ම අහිමි කර ගත්තේ රණවිරු දරුවන්ය. ඔවුන් විසින් දිනා දුන් අභිමානවත් ජාතියක නිදහස සංකේතවත් කිරීමට සහ එයට කෘතගුණ සැළකීමට අප සැම එක්ව අනුරාධපුර පූජා නගරයෙහි සඳ හිරු සෑය නිර්මාණය කළෙමි. සඳ හිරු පවතින තෙක් අප මාතෘ භූමිය එකම රටක් ලෙස, එකම ධජයක් යටතේ පවතීවා යන්න එයින් නිරූපණය වේ.

මාගේ වැඩිමහල් පුතු නාමල් කියූ ලෙසින්ම සියල්ල ආරම්භ වූ මගේ ගම් ප්‍රදේශයට නැවත පැමිණ සිටිමි. පැමිණියේ ද අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්මය. ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත. කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත. කෙසේ වෙතත් සියල්ල ආරම්භ වූයේ මේ භූමියෙනි. මහින්ද රාජපක්ෂ නම් තරුණයා 1970 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කළේ ගිරුවායෙනි. එයට අවස්ථාව ලබා දුන්නේ බණ්ඩාරනායක මැතිණියයි. ඇය තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. ඇය අපට නායිකාවක් මෙන්ම මාතාවක් වුවාය කිවහොත් එය නිවැරදිය. දේශපාලනය තුළ නිවැරදි මඟ පෙන්වීම ඉතා වැදගත්ය. රටේ පීඩිත මහජනතාව සමාජවාදය වෙත යොමු කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පසුපස රුහුණු මහජන මන්ත්‍රීවරයාව සිටි දිවංගත මාගේ ආදරණීය පියාණන් සැමවිටම දක්නට ලැබුණි. මාගේ පියා නියෝජනය කළේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාව‌ගේ අපේක්ෂාවන්ය. ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජනතා රජයේ ප්‍රථම රාජාසන කථාවට ස්තුති යෝජනාව සිදු කරනු ලැබුවේ මා විසිනි. එහිදී රුහුණේ බෙලි අත්තේ මහජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ කථා කළා මට මතකය. 

අඳුරු කාල පරිච්ඡේදයන්හි  පැවති දේශපාලන මර්දන සහ පළිගැනීම් පිටුදකිමින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ ද මේ මහින්ද රාජපක්ෂමය. අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙනුවෙන් පෙනී සිටිමින් නීති ආධාර ලබා දුන් ස්ථානයෙහි ලිපිනය වූයේ “නීතීඥ මහින්ද රාජපක්ෂ, සභාපති – මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රය, කාල්ටන්, තංගල්ල” යන්න බව නැවතත් මාගේ සහෝදරයන්ට සිහිපත් කරමි.  පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ආණ්ඩු විරෝධී අරගලයන් ජනතාවගේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් ඔස්සේ කළ සැබෑ ජන අරගලයන්ට උදාහරණය. තම දේශපාලනික පීඩනයන් හා ආතතීන් මඟ හරවා ගැනීම සඳහා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර විය නොහැක. අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ප්‍රධාන විපක්ෂ මතවාදීන් මර්දනය කිරීමට ගන්නා උත්සහය කණගාටුදායකය.

ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධිකය. එම බලාපොරොත්තු දැඩිකම නිසාම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණි. මහින්ද රාජපක්ෂ තීරණ ගත්තේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි. මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති දේශපාලනයේ නිරත වීමට අවැසි මානසින නිදහස ලබාදෙමින් සැමදා මා හට ශක්තියක් වූවාය. 

එදත් අදත් මා අසලින්ම සිටි සහ සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රමුඛ මාගේ ආරක්ෂක නිල දරුවන්ගෙන් ලැබෙන ආරක්ෂාව රැකියාවට එහාගිය අතිශය ආදරණීය බැඳීමකි. විජේරාමයේ සිටිය ද, තංගල්ලේ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂට මේවන විට මුක්කු ගැසීමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශයක් මා හට දැනගැනීමට ලැබිණි. පෞද්ගලිකව මා ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රතිචාර නොදක්වමි. එහෙත් මා ජීවත්ව සිටින තෙක්, අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් වන සිංහ ධජය සෙවනේ පවතින මෙම ඒකීය මාතෘ භූමියට කුමන හෝ අයෙකු ද්‍රෝහි වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ වුවද මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි. එදිනට අවශ්‍ය වුවහොත් මුක්කු ගසා උර දීමට මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආදරණීය ජනතාව සිටින බව මම හොඳින් දනිමි. ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.”

 

Post Views: 21
Previous Post

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

Next Post

තැනින් තැන වැසි

Editor TTV News

Editor TTV News

Next Post
තැනින් තැන වැසි

තැනින් තැන වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025

Recent News

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved