හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිවෙමින් නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි ඔහු එම ගිණුමේ සටහන් කර තිබෙන්නේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්වය පිළිබදව මීට වඩා අවධානය යොමු කල යුතු බවත් එහි සදහන් වන අතර 2022 වසරේ දී කොතෙකුත් නායකයන් හිටියත් ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් අර්බුදයකට ලක් වු අවස්ථාවේ ඒ වගකීම ගෙන රට භාරගැනීමට සිටි එකම නායකයා බවත් ඔහුට එරෙහි චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත් ඔහු එම සටහනෙන් දන්වා තිබුණා.