• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

10 September 2025
in දේශීය, පුවත්
හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
96
VIEWS
Share on FacebookShare on Twitter

VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුලු මෙහොතෙකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක්ම විමසීම් කරනු ලැබිණ.

නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි.

එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි. එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයටය. එය නේපාලයට අවනම්බුවකි.

කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය. ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක්ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය.

නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවතිණි. ඒවාට රජයේ අවධානය යොමු වූයේ නැත. සෑම අයෙකුම කළේ දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ. මේ නිසා තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබිණ. ඒ අතරවාරයේදී සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගියේය.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ‍ලෙස සැලකෙන්නේ එ්වා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේය.
බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන ලෙසය. බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි.

රනිල් වික්‍රමසිංහ
VIII වැනි විධායක ජනාධිපති
2025.09.10

Post Views: 101
Previous Post

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

Next Post

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

Editor TTV News

Editor TTV News

Next Post
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026
ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය හේතුවෙන්  ඉන්දියාව සහ රුසියාව අතර  පැරණි මිත්‍රත්වය යළිත් අලුත් වෙයි

ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාව සහ රුසියාව අතර පැරණි මිත්‍රත්වය යළිත් අලුත් වෙයි

27 March 2026
ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට  සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවෙයි

ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බොහෝ අංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවෙයි

27 March 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ශ්‍රී ලංකා CERT ආයතනයෙන්  සයිබර් ආරක්ෂණ දැනුවත්  කිරීමේ වැඩසටහනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශ්‍රී ලංකා CERT ආයතනයෙන් සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයේ  ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස  බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

නේපාලයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස බැලේන්ද්‍ර ෂා දිවුරුම් දෙයි

27 March 2026
බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved