පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) විභාගයට ගැනුණු අතර, එහිදී එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතරතුර රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළව නීතිපතිවරයා විසින් ඒකනායක මහතා සැකකරුවකු ලෙස නම් කර තිබුණි.
මීට පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය ද ඔහු එහි නොසිටි අතර ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළේය.
2025 අගෝස්තු මස අත්අඩංගුවට ගෙන පසුව රුපියල් මිලියන 15ක ශරීර ඇප මත මුදාහැරුණු රනිල් වික්‍රමසිංහ මහතා ද අද දින අධිකරණයේ පෙනී සිටි අතර, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට පෙර නිලධාරීන්ට නියෝග කර තිබුණි.














