හිටපු ජනාධිපතිවරයා ලන්ඩන් නුවර සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කරමින් රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (11) පස්වරු 1.30 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වීමට ගිය මෙම ගමනට අදාළව නීතිවිරෝධී ලෙස ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහු අධිකරණය වෙත රැගෙන ආ අතර නඩුවට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා ද මෙහිදී සලකා බැලීමට නියමිතය.













