• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරගෙදර කුස්සියේ බත හැදෙන හැටි (PHOTOS)

10 April 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
හිරගෙදර කුස්සියේ බත හැදෙන හැටි (PHOTOS)
0
SHARES
323
VIEWS
Share on FacebookShare on Twitter
ගෝනි ගණනින් උයන සිරගෙදර කුස්සියේ ‘සිරබත’ හැදෙන හැටි
රාත්‍රී ආහාරය දෙන්නේ සවස දෙකයි තිහට
කාන්තා බන්ධනාගාරයට ආහාර සකසන්නේ පිරිමි සිරකරුවන්
බරපතළ වැඩ සහිත සිරකරුවකුගේ රාත්‍රී ආහාරය ලුණුයි – බතුයි පමණයි
එළවළු කපන්නේ තුඩක් නැති පිහිවලින්
සිරකරුවා කාණ්ඩයන් ලෙස ගත්කල සාමාන්‍ය සිරකරු, සැහැල්ලු‍ වැඩ ඇති සිරකරු, බරපතළ වැඩ සහිත සිරකරු, රෝගී සිරකරු, විදේශීය සිරකරු, රිමාන්ඩ් සිරකරු ලෙස වෙන්කොට ඇත.
එසේ කාණ්ඩ කරන ලද සිරකරුවෝ මස් මාළු සහිත සහ රහිත ලෙසද කාණ්ඩ කරනු ලබයි.
සුද්දගේ කාලයේ ආහාර වට්ටෝරුවට අනුව මස්මාළු සහිත සාමාන්‍ය සිරකරුවෙකුට උදේ අාහාර ලෙස පාන් අවුන්ස හයක්, සීනි අවුන්ස 1 තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි 2 නිර්දේශ කර ඇත. එවැන්නෙකුගේ දිවා ආහාරය ලෙස බත් අවුන්ස අටක් , අළු කෙසෙල් මාළුවක්, වෙනත් මාළුවක් හෝ මැල්ලු‍ම් අවුන්ස එකක්, මාළු අවුන්ස දෙකක් නිර්දේශ කර ඇත. සෑම සිරකරුවෙකුටම දිවා ආහාරය දහවල් එකොළහමාරට ලබාදෙන අතර රාත්‍රී අාහාරය ඔවුන්ට ලබාදෙනුයේ සවස දෙකයි තිහට පමණය.
සාමාන්‍ය සිරකරුවෙකුට රාත්‍රී ආහාරය ලෙස බත් අවුන්ස හයක් ,මස් අවුන්ස දෙකක්, පරිප්පු අවුන්ස දෙකක් වෙනත් ව්‍යාංජන අවුන්ස තුනක් ලබාදීමට නිර්දේශිතය. සවසට තේ අවුන්ස දාසයෙන් එකක්, සීනි අවුන්සයක් ලබා දීමට නිර්දේශිතය.
කාන්තා බන්ධනාගාරයේ ආහාර ඉවීම නොකරන අතර ඔවුන්ගේ ආහාර සකසන්නේද පිරිමි සිරකරුවන් විසිනි.
මෙහි සඳහන් බරපතළ වැඩ සහිත සිරකරුවන්ට ලබාදෙන ඔවුනට උරුම දඬුවමට අමතරව දඬුවම් ආහාර ක්‍රමයක්ද එකල පැවතිණි. බරපතළ වැඩ සහිත සිරකරුවන්ගේ උදෑසන ආහාර වේල පාන් අවුන්ස හතරක්, සීනි අවුන්ස කාලක්, තේ අවුන්ස දාසයෙන් එකක් සහ සම්බෝල හැඳි දෙකකි.
දිවා ආහාරයට නිර්දේශය වන්නේ බත් අවුන්ස හයක් සහ ලු‍ණු අවුන්ස කාලකි. (එයට මාළුපිනි කිසිවක් නැත. ලු‍ණුයි බතුයි පමණය)
බරපතළ වැඩ සහිත සිරකරුවෙකුට එකී ලු‍ණුයි බතුයි කෑමේ දඬුවමට යටත් කිරීමට පෙර සිරකරු බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත යොමු කරන අතර එහිදී ලු‍ණුයි බතුයි දඬුවම දරා ගැනීමට සිරකරු ශරීර සෞඛ්‍යයෙන් සිටිය යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් එතැන් පටන් දඬුවම ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර නිලධාරින් සිදු කරනු ලබයි. බරපතළ වැඩ සහිත සිරකරුවෙකුගේ රාත්‍රී ආහාරයද ලු‍ණුයි බතුයි පමණය. සුද්දගේ කාලයේ ඉදි වූ දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය කළුගල් කැබලි කිරීම මෙකී බරපතළ වැඩ සහිත සිරකරුවන්ට එකල පැවරුණ බරපතළ දඬුවමය.
මෙකී ලු‍ණුයි බතුයි දඬුවම් ආහාරය ක්‍රමය එකී සිරකරුවන්ට එකල ක්‍රියාත්මකව පැවතුණි.
එමෙන්ම සැහැල්ලු‍ වැඩ සහිත සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරුවෙකුට මෙන් දිවා ආහාරයට මාළු ලබා නොදෙන අතර රාත්‍රී ආහාර වේල සමග මාළු අවුන්ස තුනක් ලබාදෙනු ලබයි.
මෙහි තවත් විශේෂ ආහාර වේලක් ලබා දෙන තවත් සිර කාණ්ඩයක් නම් බන්ධනාගාරය තුළ කලහකාරි ලෙස හැසිරුණ පැන යාමට කැරලි ගසන සිරකරුවන්ය. එකල එවැන්නෙකුට දඬුවම් ආහාර ලෙස උදෑසන ආහාරය හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සීනි අවුන්ස බාගයක් සහ තේ අවුන්ස දාසයෙන් එකක්ද, දිවා ආහාරය ලෙස හුලං විස්කෝතු අවුන්ස දෙකක්, සව්හාල් අවුන්ස දෙකක්, කිරි අවුන්ස හයක්, සීනි අවුන්ස බාගයක් ලෙසය.
සිරකරුවන්ගේ හැඟීම් දැනවීමට උරදෙන හෝමෝන පාලනය වීම සඳහා ඔවුන්ට අළු කෙසෙල් දිවා ආහාරයට ලබාදීම සතියට දින තුනකට හෝ නොවැඩි වාර ගණනක් ලබා දීමට නිර්දේශ කර ඇත. අළු කෙසෙල් නොදෙන දිනයන්හිදී ගෝවා, බණ්ඩක්කා, මුරුංගා, තක්කාලි, පතෝල, කරවිල, බීට් රූට්, ඉන්නල, බෝංචි, කිරිඅල යන එළවළු වර්ගයන්ගෙන් එකක් ලබාදිය හැක.
බන්ධනාගාර නීතිවලට අනුව විවිධ රෝගී සිරකරුවන් සඳහා වූ ආහාර වේල වරින් වර වෙනස් වන අතර එකී ආහාර වෛද්‍ය නිලධාරියා විසින් ලියවිල්ලකින් දෙනු ලැබුවද බන්ධනාගාර අධිකාරිය විසින් අනුමත කරනු ලබන උපදෙස් අනුව කළ යුතුය. බන්ධනාගාර පනතට අනුව එළවළු, පලා, අල ලෙස නිර්දේශිත වට්ටෝරුවක් ඇත. එකී වට්ටෝරුවට පිටින් කිසිදු එළවළුවක් ආහාර ලෙස සිරකරුවන්ට ලබාදීම තහනම්ය.
නිර්දේශිත එළවළු වනුයේ මුරුංගා කොළ, ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා, නිවිති, කතුරු මුරුංගා, කංකුං, කොහිල දලු‍, සාරණ, ගෝවා, වම්බටු, බණ්ඩක්කා, මෑ කරල්, මුරුංගා, පතෝල, වට්ටක්කා, කරවිල, තක්කාලි, අළුකෙසෙල්, අර්තාපල්, බතල, ඉන්නල, වැල් අල, මඤ්ඤොක්කා, කිරි අල, රටඅල, කොස්, බීට්රූට් අල, බටර් බෝංචි, ලීක්ස් යනාදියයි. එකී එළවළු සිරකරුවන්ට ලබාදීමේදී කාලගුණික තත්ත්වය ගැනද සලකා බැලිය යුතුය. ශීත කාලගුණික තත්ත්වයකදී පුහුල්, වට්ටක්කා වැනි එළවළු පිට පිට සිරකරුවන්ට ලබා දීම නොකරන අතර නීති රෙගුලාසිවලට අනුව නිර්දේශ මත කාලගුණයට අනුව එය සිදුවන්නකි.
විදේශීය සිරකරුවන්ටද සාමාන්‍ය සිරකරු ආහාර වේල අච්චුවේ ස්වභාවය අනුව සැකසෙන අතර වෛද්‍ය නිර්දේශයන්ට අනුව තැම්බූ එළවළු දෙනු ලබයි. වර්තමානයේ බන්ධනාගාරය වෙත ආහාර සැපයීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු වන්නකි. එහිදී සැපයුම්කරුටද නීති රෙගුලාසි පැනවී ඇත. සැපයුම්කරු විසින් බන්ධනාගාරයට මාළු ලබාදීම සතියකට හතර වතාවක් පමණ සිදුකරන අතර බොහෝ විට බොකු බඩවැල්, වරල්, කරමල් ඉවත් කර තලපත්, කෙළවල්ලා, බලයා වැනි මාළු ලබා දිය යුතුය. අයිස් රහිත අලු‍ත් මාළු කොන්ත්‍රාත්කරු විසින් බන්ධනාගාරයට ලබා දිය යුතු අතර යම් හෙයකින් ශීත කළ මාළු ලබා දෙන්නේ නම් එහි අයිස් දියවී තිබිය යුතුය. එසේ ලබාදෙන මාළු කැබලි කිරීමේදී ඉවත් කෙරෙන බොකු බඩවැල්, වරල්, කරමල්ද නැවත කිරා මැන බලා එකී බරට සෑහෙන මාළු ප්‍රමාණයක් කොන්ත්‍රාත්කරු විසින් ලබා දිය යුතුය.
බන්ධනාගාර මුළුතැන්ගෙය පිහිටා ඇත්තේද ප්‍රධාන දොරටුවට ආසන්නවය. විශාලත්වයෙන් පර්චස් විස්සක පමණ භුමියක පැතිරගත් මුළුතැන් ගෙය සඳහා යොදවා සිටින සිරකරුවන් ප්‍රමාණය දෙසීයකට ආසන්නය.
බන්ධනාගාරයේ විවිධ කාර්යයන් සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ ‘පාටි’ යන නාමයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් වඩු කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වඩු පාටිය ලෙසත්, වේවැල් කර්මාන්තයේ නියැළෙන කණ්ඩායම වේවැල් පාටිය ලෙසත් හඳුන්වති. ඒ ආකාරයට මුළුතැන්ගෙයට යොමුකර ඇති කණ්ඩායම කුස්සි පාටිය ලෙස හඳුන්වන අතර එකී සිරකරුවන්ට පැවරුණ රාජකාරි ඇත. සිර කුස්සියේ ළිප් නැත. ඒ වෙනුවට ඇත්තේ බොයිලේරු වාෂ්පයෙන් ක්‍රියාත්මක වන ස්ටීමර් පමණි. කුස්සියේ එක් පසෙක කුඩා කුටියක ක්‍රියාත්මක වන බොයිලේරුවලින් නිකුත්වන වාෂ්ප ගැල්වනයිස් නළ මාර්ග ඔස්සේ කල්දේරම් වෙත බලය සපයයි.
දිනකට දැවි තෙල් ලීටර් හාරදහසක් පමණ බොයිලේරුවට යෙදිය යුතුය. එක වර කිලෝ පනහක් පිසගත හැකි කල්දේරම් අටකින් සමන්විත ස්ටීමර් පද්ධතියේ දිනකට පිසෙන හාල් ප්‍රමාණය කිලෝ දාහකට ආසන්නය. දිනපතා සිරකරුවන් බන්ධනාගාර ගතවීම්, නිදහස ලැබීම් යන ක්‍රියාවලිය හේතුවෙන් නිශ්චිත සහල් කිලෝ ප්‍රමාණයක් දිනපතා ගණනය කර ගැනීම දුෂ්කර ය. සියලු‍ම ආහාර ස්ටීම් කල්දේරම්වල පිස ගැනීම සිදු කරන අතර එකී කල්දේරම් සුද්ද පවිත්‍ර කරනුයේද කල්දේරම් නළ මාර්ගයට සවි කොට තිබියදීමය. කුස්සි පාටියේ එක් එක් කණ්ඩායම් එළවඞ් කැපීම, එළවළු සේදීම, තුනපහ සෑදීමට, බත් ඉවීමට, මාළු කැපීම යනාදී වශයෙන් වැඩෙහි යොදවා ඇත. තෙල් ආහාරයන්ට මිශ්‍ර කිරීම සිදු කළද බැඳුම් සැකසීම කුස්සියේ සිදුවන්නේ නැත. උදාහරණයක් ලෙස කරවල බැදුමක් වැනි ආහාර එහි පිසින්නේ නැත. එළවළු කැපීමට භාවිත කෙරෙන පිහියාවලට පිහි තුඩක් නැත. එම පිහිවලින් කිසිවෙකුට බර යොදා පහරදී මාරාන්තික තුවාළ සිදුකිරීමට නොහැක.
එම පිහියා පිහි කෑලි ලෙස හැඳින්වූවාටද වරදක් නැත. බන්ධනාගාර නිලධාරින් පවසන ආකාරයට එම පිහි තල කිසිවෙකුට මාරාන්තික තුවාල සිදු කළ නොහැකි වන ලෙස අවදානම අඩු ලෙස එය නිමවා ඇත. බර යොදා කැපිය හැකි මන්නා පිහියක් මාළු සහ මස් කැපීම් සඳහා පමණක් යොදවා ඇත. කුස්සියට වුවමනා තුනපහ සැකසීමද කුස්සියේම වෙන්කොට ඇති කුඩා කුටියක සිදු කරයි. කුඩා තුනපහ බෝතල් එහි නැත. ලිටර් 20 කෑන් කට කපා සැකසු තුනබහ බහාලු‍ම් දැකිය හැක. කුස්සි පාටියේ වැඩ අධීක්ෂණය සඳහා යොදවා ඇති නිලධාරීන්ට අමතරව එහි පාලන කටයුතු කරන සිරකරුවන්ද නම් කොට ඇත. ඉවුම් පිහුම් පිළිබඳව යම් දැනුමකින් යුතු ආහාර ඉවීමේ කාර්යයේදී ප්‍රධාන කෝකියා ලෙස කටයුතු කරන ඔහු දිගුකාලීනව අච්චු ලැබූ සිරකරුවන්ගෙන් කෙනෙකි.
බන්ධනාගාර කාන්තා සිර මැදිරියේ මුළුතැන්ගෙයක් හෝ ආහාර පිසීමක් සිදු වන්නේ නැත. ඔවුනට ආහාර සැපයෙන්නේද පිරිමි සිරකරුවන් විසින් පිසින ආහාරයෙනි. ආහාර පිසීමෙන් අනතුරුව බුද්ධ පූජාවට ආහාර වෙන් කිරීම දින චරියාවේ කොටසකි. පිසින ලද ආහාරයන්හි සාම්පල් ආහාර ප්‍රධාන ජේලර්වරයාට හෝ බන්ධනාගාර අධිකාරිවරයෙකුට යොමුකර ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂාව ගැන තහවුරු කරගත යුතුය. එහිදී එම නිලධාරිවරයා එකී ආහාර සාම්පල් ආහාරයට ගනිමින් පරීක්ෂාවට ලක් කළ යුතුය.

–   රේඛා තරංගනී 
 
Post Views: 339
Previous Post

අප්‍රේල් 15 රජයේ නිවාඩු දවසක් ද?

Next Post

ආණ්ඩුවට දෙහි කපන හිරුණිකා පාතාලය ගැන කියපු කතාව

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුවට දෙහි කපන හිරුණිකා පාතාලය ගැන කියපු කතාව

ආණ්ඩුවට දෙහි කපන හිරුණිකා පාතාලය ගැන කියපු කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved