• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

4 September 2025
in දේශීය, පුවත්
‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

“ඔය පූසට නිදහසේ ඉන්න දෙන්න. නිතර අත ගාන එක ඌට කරදරයක්,” මාගේ දෙවන පුතුට බිරිඳ මෙම නියෝගය දිනකට කිහිප වරක් ම කරන්නී ය.

ඒ, ඔහු පූසා දකින වාරයක් පාසා ඌට සමීප වී තදින් අත ගෑමට පෙළඹෙන නිසා ය. මව එසේ නියෝග කළ ද, මාගේ පුතු ඊට අවනත වන්නේ, යළිත් පූසා දකින තුරු පමණි.

යළිත් පූසා දකින ඔහු පෙර කී ලෙස ම කරයි.

මෙය මා දිනපතා දකින සිද්ධියකි. මෙවැනි අවස්ථා ඔබ බොහෝවිට අසා හෝ දැක ඇතුවාට කිසිදු සැකයක් නැත.

“අනේ එයාගෙ ලස්සන. අල්ලල මිරිකන්න හිතෙනවා.”
“මට ඔයාව ගිලින්න හිතෙනවා.”

සුරතල් හෝ හුරුබුහුටි යමක්, සතෙකු හෝ කුඩා දරුවෙකු දකින අවස්ථාවක මෙවැනි කතා ඔබ කොතෙකුත් කියා තිබෙන්නට හැකි අතර, එවැනි කතා වෙනත් අය කියනු අසා තිබෙන්නට ද පුළුවන.

මෙම තත්ත්වය මනෝවිද්‍යාවේදී හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය (cute aggression) ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය ලීසා ඒ. විලියම්ස් පෙන්වා දෙන්නේ, ‘අපගේ ඇසට හසුවන හුරුබුහුටි වස්තුවක් මිරිකීමට, තදින් ඇල්ලීමට, කෙනිත්තීමට හෝ සපා කෑමට ඇති වන ආශාව හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ලෙස සැලකෙන බව ය.

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය තුළ දුෂ්ට චේතනාවෙන් නොමැති අතර, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, එය දැඩි ධනාත්මක හැඟීම් සමග මතු වන මනෝභාවයක් බව ය.

“හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය අපට දරාගන්න බැරි තරම් හුරුබුහුටි දෙයක් සමග අන්තර් ක්‍රියා කරන විට අපට ඇති වන ධනාත්මක හැඟීම්වල අධික බර කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස සලකන්න පුළුවන්,” සහය මහාචාර්ය ලීසා ඒ. විලියම්ස් පවසයි.

“වෙනත් වචනවලින් කිව්වොත්, ධනාත්මක හැඟීම්වල අතිමහත් පෙළඹවීමකට මුහුණ දීම සඳහා, අපි එය මැඩ පැවැත්වීමට උත්සහ කරන විට එය ආක්‍රමණශීලී නැඹුරුවක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්.”

“එය ද්විරූපී චිත්තවේගීය ප්‍රකාශනයක් විදියට සලකන්න පුළුවන්. එනම්, අපගේ සිතේ ඇති වන දේට පටහැනිව ක්‍රියාත්මක වන ඉතා චිත්තවේගීය අවස්ථාවන්හිදී පරස්පර විරෝධී ප්‍රතිචාරයක්,” මහාචාර්ය විලියම්ස් පවසයි.

“හුරුබුහුටි ආක්‍රමණශීලීත්වයේදී, මෙය අපට ප්‍රියජනක යැයි පෙනෙන දෙයක් මිරිකීමට හෝ පොඩි කිරීමට ඇති වන ආශාවක් ලෙස ප්‍රකාශ වෙනවා. ඒත්, කිසිදු හානියක් කිරීමේ අරමුණින් එම ආවේගය මත ක්‍රියා කිරීමට කිසිදු නැඹුරුවක් නොමැති බව දැකිය හැකි යි.”

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ඇති වීමේ ක්‍රියාවලිය කුමක් ද?

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය යනු පුද්ගලයෙකුගේ, සතෙකුගේ හෝ වස්තුවක අධික හුරුබුහුටි බව නිසා ඇති වන සංකීර්ණ චිත්තවේගීය ප්‍රතිචාරයකි.

ඒ අනුව, අතිශයින් හුරුබුහුටි දෙයක් දුටු විට ප්‍රීතිය, සෙනෙහස සහ උණුසුම පිළිබඳ දැඩි හැඟීම් ඇති වෙයි. මෙය චිත්තවේගීය දරා ගැනීමට අපහසු තරම් හැඟීමකට හේතු විය හැක.

එහිදී, ධනාත්මක හැඟීම් කොතරම් ශක්තිමත් විය හැකි ද යත් ඒවා ප්‍රතිවිරුද්ධ ආක්‍රමණශීලී ආවේගයක් ඇති කරයි. මෙය බොහෝ විට “මට ඔබව මිරිකන්න පුළුවන්!” වැනි වාක්‍ය ඛණ්ඩ හෝ ආක්‍රමණශීලී අභිනයන් හරහා ප්‍රකාශ වේ.

මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම
හුරුබුහුටි උත්තේජකවලට නිරාවරණය වූ විට, මොළය ඩොපමයින් (dopamine) වැනි ස්නායු සම්ප්‍රේෂක නිකුත් කරයි. එනම්, සතුටේ හැඟීම් වැඩි දියුණු කරයි. ඒ සමග ම, හැඟීම් සැකසීම සඳහා වගකිව යුතු ඇමිග්ඩලා (amygdala) ද සක්‍රිය විය හැකි අතර, ඒවා ආක්‍රමණශීලී ආවේගයන්ට දායක වන බව මනෝවිද්‍යාත්මකව පැහැදිලි කෙරේ.

“මේ සම්බන්ධව මොළයේ ක්‍රියාකාරීත්වය ගැන පර්යේෂණ කරලා තියෙනවා. ඒවායින් කියන්නේ හුරුබුහුටි දෙයක් දැක්කා ම මොළයේ තියෙන රිවෝඩ් සිස්ටම් එක (reward system) ඇක්ටිවේට් වෙනවා. රිවෝඩ් සිස්ටම් එකෙන් තමයි ඇබ්බැහි වීම් වගේ දේවල්වලටත් යොමු වෙන්නෙ. එතනදි ඩොපමයින් රිලීස් වෙනවා. ඒ එක්ක ම ඉමෝෂන් රෙග්‍යුලේෂන් ඒරියා එකත් ඇක්ටිවේට් වෙනවා. එතනදි තමයි, අපට හිතෙන දේ ක්‍රියාවට නංවන්නෙ නැතුව නවතින්නේ,” පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය පෙන්වා දෙන පරිදි, හුරුබුහුටි ආක්‍රමණශීලීත්වයේදී ඇති වන්නේ, හුරුබුහුටි යමක් දැකීමෙන් ඇති වන අධික සතුටට ප්‍රතිචාර දැක්වීම සහ හිතට දැනෙන අදහස ක්‍රියාත්මක කිරීම වැළැක්වීම යන ක්‍රියා දෙක අතර ඇති ඝට්ඨනය හේතුවෙනි.

“රිවෝඩ් සිස්ටම් එක ඇක්ටිවේට් වුණා ම අපට හිතෙනවා, මිරිකන්න, කොනිත්තන්න, හපන්න, තද කරන්න වගේ දේවල්. ඒත් ඒ එක්ක ම ඉමෝෂන් රෙග්‍යුලේෂන් ඒරියා එක ඇක්ටිවේට් වෙන නිසා අපට හිතෙන දේවල් අපි පාලනය කර ගන්නවා. ඒකයි මෙතනදි සිද්ධ වෙන්නේ.”

  • BBC
Post Views: 8
Previous Post

පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

Next Post

රන් මිලෙහි හදිසි වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

4 September 2025
පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

4 September 2025

Recent News

Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

4 September 2025
පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved