හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරිය මියගොස් තිබුණා.
අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතත් අපරාධය සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිස් භාරයට ගෙන ඇත.
මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බව පොලීසිය පවසා සිටියා.
පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය. මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරිය්.
මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.