• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට දින හිස තෙල්ගාන චාරිත්‍රයේ ඇති වැදගත්කම

15 April 2025
in දේශීය, පුවත්, විශේෂාංග
හෙට දින හිස තෙල්ගාන චාරිත්‍රයේ ඇති වැදගත්කම
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

සිංහල අවුරුදු චාරිත්‍රවල හිසතෙල් ගෑමේ චාරිත්‍රය මෙවර යෙදී ඇත්තේ 16 වැනිදාටය. 

හෙට පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් ය.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මහනුවර යුගයේ සිංහල රජවරුන් ඉටුකළ අවුරුදු චාරිත්‍රවල වැදගත් තැන හිමිවී තිබුණේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයටය. ඒ බව 2 වැනි රාජසිංහ රජු සමයේ ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් සහ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් මෙරටට පැමිණ සිටි වෛද්‍ය ජෝන් ඩේව් විසින් තබා ඇති සටහන්වලින් මනාව පැහැදිලි වේ.

අදද ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අවුරුදු චාරිත්‍රවල වැදගත්ම චාරිත්‍රය ලෙස සලකන්නේ හිසතෙල් ගෑමයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය දැකිය හැකිය. ගමේ පන්සලේ නානු පිළියෙල කොට පිරිත් කියා නානු පේ කොට සුභ මොහොතින් ගමේ කවුරුත් පන්සලට එකතු වී හිසතෙල් ගෑමේ චාරිත්‍රය පවත්වා අවුරුදු ගනුදෙනු කොට වැඩ අල්ලන්නේ එයින් පසුවය. එම ප්‍රදේශවල බුලත් හුරුළු ගෙන වැඩිහිටියන්, ගුරුවරුන්, නෑයන් හමුවීමට යන්නේද හිසතෙල් ගෑමෙන් පසුවය.
මහනුවර රජ දවස අවුරුදු සිරිත් පැවැත්වීමේ වැදගත් තැන හිමිවී තිබුණේ දළදා මාලිගයට සහ රජ මාලිගයටය. අවුරුදු නැකැත් පිළියෙල කළේ දළදා මාළිගාවේ නැකැත් රාලය. හිසතෙල් ගෑම සඳහා නානු පිළියෙල කිරීමට ඖෂධ වට්ටෝරුව නියම කළේ දළදා මාළිගාවේ කාරියකෝරාලය. ඔහු ලබාදෙන ඖෂධ වට්ටෝරුව අනුව නානු පිළියෙල කළේ නාථ දේවාලයේය. එසේ පිළියෙළ කළ නානු මුට්ටි දහසකට පුරවා වැසුම් යොදා රජ මාළිගයට ගෙන යයි. අනතුරුව මහනුවර අවට විහාර දේවාලවලට මෙම යුෂ මුට්ටි බෙදා හරිනු ලැබේ. මෙම චාරිත්‍රයේ වැදගත් තැනක් එදා නාථ දේවාලයට හිමිවී තිබුණ නිසාම වර්තමානයේදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ප්‍රධාන රාජ්‍ය උත්සවය පවත්වනු ලබන්නේ නාථ දේවාලයේදීය.

වර්තමානයේදී නාථ දේවාලයේ නානු සෑදීමක් නොකෙරේ. පෙර සිරිතට අනුව දළදා මාළිගාවේ නැකැත්කරුවන් පිළියෙළ කරන නැකතට දළදා මාළිගාවේදීම නානු පිළියෙල කරනු ලැබේ. ඒ සඳහා ඖෂධ වට්ටෝරුව පිළියෙළ කරන්නේ දළදා මාළිගාවේ කාරියකෝරාලය. ඒ අනුව දළදා මාළිගයේදී පිළියෙළ කරන නානු පෙර සිරිතට අනුව උඩරට විහාර දේවාල 83 කට බෙදාහරින බව කාරියකෝරාල කරුණාතිලක මහතා අප සමඟ පැවැසීය. පෙර පරිදි එම නානු නාථ දේවාලයට යවා එහි සිට බෙදා හැරීමක් සිදු නොකෙරේ.
අවුරුදු මංගල්‍යය රටවැසියන් විසින් ඉතා වැදගත්කොට සැලකූ බව නොක්ස් සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන්නේ අවුරුදු නැකැත් යෙදීමට මසකට පමණ කලින් සිට රටවැසියන් හා රජතුමා ඒ සඳහා සූදානම් වන බවයි. රජ මාලිගයේ දොරටුවක් පාසා තොරණ බැඳ සැරැසිලි කළ බව ඔහු සඳහන් කර ඇත. කණු සතක් හෝ නවයක් මැද කණුව උස්ව සිටින ලෙස සිටුවා හරස් ලී බැඳ එම තොරන් සෑදූ බව දැක්වේ. වර්තමාන කාලයේද මහනුවර ප්‍රදේශයේ සම්ප්‍රදායික තොරන් සාදනු ලබන්නේ මේ ආකාරයටය. තොරන්වල දොරටුවෙහි ආරුක්කු බදනා ලද බවත් තොරන් මුදුනේ හරස් ලීවල ගෙඩි වළලු‍‍ එල්ලා මිනිස්, සිව්පා හා පක්ෂි රූපවලින් යුත් කොඩි බැන්ද බවත් සඳහන් කරයි. මේ ලෙස සැරැසිලි කොට රජ මාලිගය දෙව් විමනක් ලෙස අලංකාර කළ බවද නොක්ස් සඳහන් කර ඇත.

ඩේව් සඳහන් කරන පරිදි අවුරුදු දා උදෑසන සන්නාහ සන්නද්ධ සේනා මහ පෙළපාලි පවත්වන්නට සූදානම් වෙයි. රජතුමා උදෑසන හිස් සෝදා නා ස්වරණාභරණයෙන් සැරැසී මෙම පෙලපාලි පරීක්ෂා කර බලයි. මේ මොහොතේ ආචාර වෙඩිමුර පවත්වනු ලැබේ.

හිසතෙල් ගෑමේ නැකත උදාවීමට මොහොතකට කලින් රජතුමා මාලිගයට සැපත් වී සිංහසනාරූඪ වේ. සුබ මොහොත මහජනයාට දැන්වීමට රජමාලිගාවේ කොඩිතුවක්කු වෙඩි පත්තු කරනු ලැබේ. රජතුමා සිංහසනාරූඪ වූ පසු තෝරාගත් කන්‍යාවන් කීප දෙනෙක් දකුණතින් බුලත් ද වමතින් කහ දිය හා කැකුළු සහල් බහාලු බඳුන්ද ගෙන රජු දෙපසින් සිටිති. දැල්වූ පොල්තෙල් පහන් පසෙකින් වේ.

නැකැත්කරු විසින් නියම කරන ලද කොළ දෙවර්ගයක් ගෙන එක් වර්ගයක් උඩින් එල්ලන අතර අනෙක් කොළ වර්ගය දෙපතුළට තබනු ලැබේ. රජතුමා සිංහාසනයෙහි හිඳ නියමිත කොළ වර්ගය මත පා තබා වම් අතින් කොළ වර්ගයක් ගෙන දකුණතේ ඇඟිලිවලින් බෙහෙත් දියර (නානු) ස්වල්පයක් ගෙන හිසේ ගා ගනී. කන්‍යාවරු සහ අධිකාරම්වරු මේ අවස්ථාවේ රජුට දීර්ඝායු පතති.

අනතුරුව කිරිබත් සහිතව පිළියෙළ කළ ආහාරය රජතුමා ඉඳුල් කළ පසු සෙසු නිලධාරීහුද ඉඳුල් කරති. ඒ අවස්ථාවේම ගනුදෙනු කිරීමෙන් පසු රජතුමා ජලස්නානයට පිටත්වේ. දිය නා පැමිණෙන රජු බැහැ දැකීමට නිලධාරීහු පැමිණ සිටිති. ඔවුන් රජුට නමස්කාර කළ පසු රජතුමා නිලධාරීන්ද සමඟ දළදා මාළිගාවට ගොස් පුද පූජා පවත්වති.
මෙම විස්තරයට අනුව මහනුවර රජ සමයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය අනෙකුත් සියලුම අවුරුදු සිරිත් අභිබවා මුල්තැන ගත් බව පෙනේ.

 

විජේරත්න අතුරුපාන   

Post Views: 30
Previous Post

බස් ධාවනය ගැන පණිවිඩයක්

Next Post

තවත් ප්‍රභල භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

තවත් ප්‍රභල භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved