තැපැල් ගාස්තු හෙට (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම සංශෝධනයට අනුව රුපියල් 50ක්ව පැවති අවම මුද්දර ගාස්තුව රුපියල් 70 දක්වා ඉහළ යනු ඇත. සාමාන්‍ය තැපැල් ගාස්තුවලට අමතරව ලියාපදිංචි ලිපි ගාස්තු ද මෙලෙස ඉහළ දමා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














