දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (23) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දැනට පවතින දැඩි වියළි ස්වභාවය මඳක් වෙනස් වීමට ඉඩ පවතින මුත්, අලුයම් කාලයේදී දිස්ත්‍රික්ක කිහිපයක විශේෂිත දේශගුණික ලක්ෂණ දක්නට ලැබෙනු ඇත.
විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිමිදිරි උදෑසන කාලයේදී මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, අම්පාර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
මෙම මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග භාවිත කරන රියදුරන්ට දැකීමේ පරාසය සීමා විය හැකි බැවින්, රිය ධාවනයේදී අවධානයෙන් පසුවන ලෙස ද උපදෙස් ලබා දේ.














