• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙලිකොප්ටරය හැදුවේ මැදමුලන වලව්වේ බාන්න නෙමෙයි – විමල් කියයි

14 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙලිකොප්ටරය’ සලකුණ සහිතව නිදහස් ජනතා සන්ධානය බිහි වන විට සලිත වූ ප්‍රතිවාදී දේශපාලන කඳවුරුවල පිරිස් ‘හෙලිකොප්ටරය හැදුවේ මැදමුලන වලව්වේ බාන්නයි’ වැනි බොරු අවලාද නගන බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(12) හලාවත ‘ලේඩි රෝස්’ උත්සව ශාලාවේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමිනි.

 

‘මැදමුලන වලව්ව’ සදහටම අතහැර ආ නායකත්වයකින් හෙබි හෙලිකොප්ටරය, මහජනයා මුහුණ පා සිටින ආපදාවෙන් ඔවුන් බේරාගෙන, රටට සහනශීලී අනාගතයක් සෑදීමට කැපව සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා “බොහෝ අභියෝග මැද නිදහස් ජනතා සන්ධානය බිහි වූ පසු ප්‍රතිවාදී දේශපාලන කඳවුරු සලිත වෙන්න පටන් ගත්තා. ඒ අය ගොතපු කතා අතර ප්‍රධානතම එකක් වුණේ ‘හෙලිකොප්ටරේ හැදුවේ මැදමුලන වලව්වේ බාන්න’ කියන එක. මෙතැන ඉන්නේ මැදමුලන වලව්ව සදහටම අතහැරලා ආපු මිනිස්සු මිසක් ආයෙත් පස්ස දොරෙන් හෝ ඇතුළු වෙන්න බලාගෙන ආපු මිනිස්සු නොවෙයි. රාජපක්ෂලාගේ දේශපාලනය, රාජපක්ෂලා විසින්ම අහවර කරගත්තා. ඒ නිසා හෙලිකොප්ටරයක් නොවෙයි ජෙට් එකක් ගෙනාවත් ආයෙමත් මැදමුලන දේශපාලනයට පණ දෙන්න අම්මා මුත්තා කාලෙවත් බැහැ. අපි හෙලිකොප්ටරය හදලා තියෙන්නේ වලව්වල මොකෙක් හරි ආපදාවලින් බේරාගන්න නොවෙයි. අපි මේ හෙලිකොප්ටරේ ගෙනාවේ, මහජනයා, මුහුණ පා සිටින ආපදාවෙන් බේරාගෙන ඔවුන්ට සහනශීලී අනාගතයක් හදන්නයි. හෙලිකොප්ටරය හදලා පැය දෙක තුනක් ඇතුළත ප්‍රතිවාදී දේශපාලන කඳවුරු සලිත වුණේ ඇයි? ඔවුන් දන්නවා, එක එක දේශපාලන පිල්ලි ඉබාගතේ අරගෙන යන්න හදන මේ රට හරි පාරේ ගෙන යෑමට පුළුවන් නිදහස් ජනතා සන්ධානයට කියා. ආර්ථික අර්බුදයත් සමග මේ රට විෂම මනසකට ඇදවැටුණා. නිදහසින් පසු මේ රටේ රාජ්‍ය නායකයන් පැනලා යන තත්ත්වයක් උද්ගත වුණේ නැහැ. එතැනට මේ රට ඇදවැටෙන බව ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ ඉඳගෙන අපි ‘දන්න සිංහලෙන්’ කිව්වා. අපි එහෙම කියනකොට ගෝඨාභය රාජපක්ෂ පිළිමයක් වගේ ඉන්නවා. ටිකක් අමාරු ප්‍රශ්නයක් මතු කළොත් බැසිල්ගේ මූණ බලනවා. මට මතකයි ඩොලර් ප්‍රශ්නය මතු කළාම, ගෝඨාභය, බැසිල් දිහා බැලුවා. ‘නැහැ නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ. මුදල් හුවමාරු කරන කිහිපදෙනකු නිසා ආපු ඒ ප්‍රශ්නය මම සතියෙන් විසඳනවා’ කියලයි බැසිල් එදා සරමත් පොඩ්ඩක් උණ්ඩි කරගෙන කිව්වේ. උදය ගම්මන්පිල මැතිතුමා තෙල් ප්‍රශ්නය ඇතිවෙන්න මාස 04කට ඉහතදී කැබිනට් මණ්ඩලයේදී කිව්වා, ‘අපි කඩිනමින් තෙල් පිරිමහන වැඩපිළිවෙළකට යන්න ඕනේ’ කියලා. මම දැක්කා, බැසිල් රාජපක්ෂ මීට සතියකට පමණ පෙර රූපවාහිනී සංවාදයකදී කිව්වා ‘ඔව් ! එහෙම දෙයක් එයා කිව්වා. නමුත් මිනිස්සුන්ට අමාරු වන හින්දා මම ඒක කළේ නැහැ.’ කියා. අන්තිමේදී මේ රටේ අම්මා, තාත්තා තෙල් පෝලිම්වල දුක්විඳලා මැරෙනකොට සනීපයක් ද දැනුනේ. මේ ඔක්කොම එකතු වෙලා අන්තිමේදී රට වලපල්ලට ගෙන ගියා. ඒ වගේම 69 ලක්ෂයක් ඡන්දය දීලා හදපු ජනවරමත් වලපල්ලට රැගෙන ගියා. සමහරු දැන් කියනවා, අපේ අතේ තමයි රටේ අනාගතයේ තියෙන්නෙ. ‘වරෙල්ලා – යමල්ලා’ කියලා; ‘පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා’ කියලාත් හිතනවා. නමුත් මේ ආපු දේශපාලන ගමන ඇතුළේ ජනතාව වෙන කවරදාටත් වඩා සිහිබුද්ධියෙන් යුතුව තීරණ ගන්නා තත්ත්වයක් ඇතිව තිබෙනවා. දැන් බලන්න, එක්කෙනෙක් යනවා බස් බෙදෙනවා, අනෙක් එක්කෙනා යනවා දෙබස් බෙදනවා. ‘බස් බෙදලා – දෙබස් බෙදලා’ මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන්ද? මොකක්ද මේ රට මේ වළෙන් ගොඩගන්න මාර්ගය? වාමවාදී, ජාතිකවාදී, එමෙන්ම ප්‍රගතිශීලී ජනතාවට හැමදාම නායකත්වය දීපු පිරිසකගෙන් සැදුම්ලත් නිදහස් ජනතා සන්ධානය කිසිදු පුද්ගලයකු කරේ තියාගෙන දුවන්නෙ නැහැ. මෙතැන ඉන්නේ නායකත්ව මණ්ඩලයක්. මම අහගෙනයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා, ‘මම මේ රට ස්විට්සර්ලන්තය වගේ කරනවා’ කියලා. ස්විට්සර්ලන්තයේ ඇමති මණ්ඩලය 07යි. ජනාධිපති ධුරය ඔවුන් 07දෙනා මාරුවෙන් මාරුවට දරනවා. මෙතැන එහෙම කරයිද? මේ රටේ පත්වූ හැම ජනාධිපතිවරයාම එක්කෝ පවුලේ උදවිය එක්ක එකතු වෙලා රට පාලනය කළා. නැතිනම් ගජමිතුරන් සමග එකතු වෙලා රට පාලනය කළා. මේ කිසිවකුත් ඇමති මණ්ඩලය සමග එකතු වෙලා රට පාලනය කළේ නැහැ. අපේ දේශපාලන ප්‍රතිවාදියකු වුවත් කියන්න ඕනේ ජේ. ආර්. ජයවර්ධන උන්නැහේට මේ චෝදනාව අදාළ වෙන්නේ නැහැ. මට ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය කියවන විට හමුවුණා, ඔහුගේ සමීපතමයකු කියනවා, ‘ලේකම් කාර්යාලයක් හදලා උපදේශක පිරිසක් පත් කරන්න’ කියලා. එවිට ජයවර්ධන ජනාධිපතිවරයා කියනවා, ‘වෙනම කාර්යාල උවමනා නැහැ. මගේ උපදේශකවරු තමයි මගේ ඇමති මණ්ඩලය’ කියා. නමුත් ඉන්පසු බලයට ආපු සෑම ජනාධිපතිවරයකුම දාගත්තා උපදේශකයො; ළං කරගත්තා ගජමිතුරන් සහ තැරැව්කාරයන්. පසුව ඔවුන්ගේ ජාවාරම්වලට අදාළ විදිහට ප්‍රතිපත්ති හැදුවා. එහෙම ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි මේ වලට වැටීම. පවුලේ උදවිය, උපදේශකයන්, තැරැව්කාරයන්, ගජ මිතුරන් පිරිවරා ගත්ත දේශපාලන ගමන වෙනුවට අද මේ රට ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන ගමනක්. ගොවි ජනතාව, ධීවර ජනතාව ඇතුළු මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට පණපොවන ජනීජනයා සමග අත්වැල් බැඳගත්තු ඔවුන් බලගන්වන දේශපාලනයක් තමයි අද මේ පොළොව ඉල්ලන්නේ. එතැනට මේ රට පරිවර්තනය කිරීමටයි ‘හෙලිකොප්ටරය’ සටන් වදින්නේ(අත්පොළසන්). ඒක අමාරු වුණත් කරන්න පුළුවන් වැඩක්. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා, පසුගියදා හුන්ඩායි සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ගිහිල්ලා එහි එකලස් කරපු වාහනයක් එළිදැක්වීමට මැදිහත් වෙනවා. ඩලස් අලහප්පෙරුම මැතිතුමා දන්නවා, ඔය වාහන එකලස් කෙරෙන තැනට අවශ්‍ය ප්‍රතිපත්තිය හැදුවේ අපි කර්මාන්ත ඇමැති කාලයේ. මේ රටේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට දේශීය හෝ විදේශීය ආයෝජකයකු අවතීර්ණ වෙනවා නම් ඊට අදාළ නිර්ණායක සහිත සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP – Standard Operating Procedure) තමයි අපි නිර්මාණය කර දුන්නේ. වාහනයක් මේ රටේදී එකලස් කරන විට දේශීයව එකතු කරන උපාංග ප්‍රමාණය වැඩි වන විට, ලැබෙන බදු සහන ඉහළ යන ක්‍රමවේදයක් තමයි අපි එම ප්‍රතිපත්තියෙන් හඳුන්වා දුන්නේ. ආණ්ඩුව කරන්න ඕනේ කර්මාන්තකරණයට අදාළ නිසි ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමයි. මේ විදිහට නිසි ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නාම ලෝකය පුරා ඉන්න වාහන එකලස් කිරීමේ සමාගම් මේ රටට එනවා. අපේ රටේ තාක්ෂණ දැනුම තිබෙන දරුවන්ට රස්සා ලැබෙනවා. දේශීය අගය එකතු කිරීම වැඩි වන විට දේශීය වාහන අමතර උපාංග නිෂ්පාදන කර්මාන්තය ද ශීඝ්‍ර වර්ධනයක් ලබනවා. ඒ ආකාරයටයි රටක නිෂ්පාදන ක්‍රියාවලියක් බලගැන්විය හැක්කේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන කාලයේ මේ ආකාරයේ සම්මත මෙහෙයුම් පටිපාටියක් තිබුණේ නැහැ. වොක්ස්වැගන් සමාගම ආවා කීවාට වාහන හැදුවේ නැහැ. නිසි ප්‍රතිපත්තිය හැදුවාම වොක්ස්වැගන් නොවෙයි ඕනෑම සමාගමක් එනවා. මේ රට හදන්න බැරිනම් ලෝකයේ කවර රටක් ද හදන්න පුළුවන්? යුරෝපයේ වගේ නොවෙයි දවස් 365ම හිරු එළිය වැටෙන මේ රටේ, නුවරඑළියේ වැවෙන එළවළු ටික පුත්තලමෙත් වවන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, පුත්තලමේ ඒ එළවළු ටික වවලා මාලදිවයිනේ හොටෙල්වලට සපයන සහෝදරවරු පිරිසක් මට ඇමැති ධුරය දරන අවධියේ හමුවුණා. මහා සාගරයේ මත්ස්‍ය සම්පත පමණක් නොවෙයි ඇත්තේ. සාගර පත්ලේ ටයිටේනියම් ඇතුළු වටිනා ඛනිජ වැලි සම්පත බහුලව තිබෙනවා. ‘ණයට අරන් සැපට කාලා – ජොලියේ ඉන්න’ ජනතාව පොළඹවන නායකත්වය වෙනුවට, එවැනි සම්පත් මහජනයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න, ‘මහන්සි වෙලා වැඩ කරලා, අපේ දරුවන්ගේ අනාගත අභිලාෂයන් වෙනුවෙන් මේ රට ගොඩනඟනවා’ කියන අධිෂ්ඨානය සහිත නායකත්වයක් මේ රටට ඕනේ. එහෙම දායකත්වයක් සැපයිය හැකි පිරිසක් තමයි නිදහස් ජනතා සන්ධානයේ ඉන්නේ. අපේ අභිලාෂය, සිංහ පෝතකයෙක් වගේ ගිහින් ණය ගන්න එක නොවෙයි. සිංහයා වගේ ගිහින් ණය ගන්න අතපාන විදිහ අපට හිතාගන්නත් බැහැ. අපේ ගමන ඒක නොවෙයි. නායකයාගේ සිට පහළම ස්තරය දක්වා මහජනයා මහන්සි වෙලා වැඩ කරලා, නිෂ්පාදනය බලගන්වලා, මුළු රටම එක මට්ටමකට ඔසවා තබන සැලසුම්සහගත ගමනක් ගැනයි අප විශ්වාසය තබන්නේ. ඉන්දියාව අද ලෝකයේ 5 වන ආර්ථික බලවතා, අවි ආයුධ අතින් ගත්තොත් ලෝකයේ 4 වන බලවතා. ඉන්දියාවේ නැද්ද හොරකම, දූෂණය? තිබෙනවා, ලංකාවේ දූෂණ 100ක් තිබෙනවා නම් ඉන්දියාවේ 1000ක් තිබෙනවා. හොරකම, දූෂණය නිසාම නම් රටක් වැටෙන්නේ ඉන්දියාවත් අද හතරගාතෙන් වැටී තිබෙන්න ඕනේ. ‘හොරකම’ අතිශයෝක්තියෙන් හුවා දක්වන්නේ පට්ට හොරු. එයාලා නියම දේශපාලන හොරු. මේ ආපදාවට ප්‍රධානතම හේතුව වහලා ‘හොරකම, හොරකම’ කියා 100 වතාවක් කීවාම, ‘ඒක තමයි හේතුව’ කියා ජනතාව හිතනවා. හොරකමත් එක හේතුවක් තමයි. පවුල් පෙරේතකම ඉහවහා ගිය ගමනක්, අවුරුදු විස්සකට එහා දැක්මක් නැති ගමනක් යනාදී ආකාරයට ඒ ඉබාගාතේ ගිය ගමනේ ප්‍රතිඵල තමයි අපි අද අත් විඳින්නේ. දැන් ජනතාව හතරගාතෙන් වැටිලා ඉන්න හින්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිතනවා ‘දැන් ඕනේ එන්නතක් දෙන්න පුළුවන්’ කියා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා ‘දැන් පාරේ යනවාටත් බද්දක් ගහන්න ඕනේ’ කියලා. මේ විදියට ගියොත් මළපහ කරනවාටත් බද්දක් ඒවි, ‘මළ බද්ද’ කියලා. ‘රාජ්‍ය ආදායම හීන වෙලා’ කියමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බදු පනවනවා. බැංකු පොලී අනුපාතය 30% පැනලා. ලැබෙන පනම් අටටත් බදු ගහනවා. දැන් ජනතාවටත් හම්බවෙන්න සොච්චමෙන් ණය ගෙවා ගන්න බැහැ. 30%කට අධික පොලියක් ගැන නොදැන මාසික වැටුපෙන් නිවාස ණය ගත්තු පිරිසට නිවාස ණය වාරිකය අද ගෙවා ගන්න බැහැ. ණය වාරිකය ගෙව්වොත් කන්න මුදල් නැති වෙනවා. මේ හේතුවෙන් ඉදිරි වසරේදී බැංකුවල පොලී ආදායම හීන වෙන්න පටන් ගන්නවා. පොලී වාරික, බදු වැඩි කරන විට බලන්න ඕනේ එය හැම පාර්ශ්වයකට බලපාන ආකාරය ගැන. මොන පැත්තක්වත් බලන්නේ නැහැ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවානම් පොලී අනුපාත වැඩි කළා, බදු ගැහුවා. සිංහ පෝතකයෝ සහ ගිරා පෝතකයෝ කවුරු ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කරේ තියාගෙන යන එකම තමයි කරන්නේ. අද රනිල් වික්‍රමසිංහ බලන්නේ මේ රට නොවැටුණු වලවල්වලටත් වට්ටන්න. දැන් එයා කියනවානේ ’13 පූර්ණ වශයෙන් බලාත්මක කරනවා’ කියලා. ජනතාව සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවේදී කරගන්න බැරි ඕනෑම දෙයක් ඔවුන් ‘මඤ්ඤං වෙලා’ ඉන්න වෙලාවේදී කරගන්න පුළුවන් කියලා හිතලයි එයා එහෙම කියන්නේ. අපි මාර්තු 9 වැනිදා හෙලිකොප්ටරයට කතිරේ ගහලා රනිල් වික්‍රමසිංහට කියන්න ඕනේ ‘ආර්ථික වශයෙන් වැටුණත් රට වෙනුවෙන් අපි ඉන්නවා’ කියලා. පුත්තලමේ නම් සභා ගණනාවක් හෙලිකොප්ටරය දිනනවා. ඒක ඒකාන්තයි. මම එහෙම කියන්නෙ අර ‘ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන්’ කියන, මොළයක් නැති, නවරියන් හාදයා, මෙතැන නැති නිසා. ඒ හාදයා හිටියානම් හෙලිකොප්ටරයෙන් නොවෙයි ජෙට් එකෙන් ආවත් දිනන්න බැහැ. ‘ප්‍රියංකර ජයරත්නලා, දයාශ්‍රිත තිසේරාලා ප්‍රමුඛ මේ පුත්තලම් දිස්ත්‍රික් බලවේගය කප් එක ගනීවි,’ කියා අපි හිතනවා. අපි බලමු, ‘මාර්තු 10 වැනිදා ‘අරකේ’ දිශාව කොහොමද තියෙන්නේ? කියා. එදාට වලපල්ලේ දිශාවට තමයි එකේ කටුව කැරකිලා තියෙන්නෙ. සිංහ පෝතකයා මාර්තු 10 වැනිදා වනයට යාවි. ඉදිරි දින විසිපහකට ආසන්න කාලයේ අපි හැමෝම මේ අභියෝගය මහා සංග්‍රාමයක් ලෙස සලකලා ගෙයින් ගෙට ගිහින් ජනතාව දැනුම්වත් කරමු. මේ රට යළි ගොඩගත හැකි මග කියමු. වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් මාර බඩ්ඩක් තමයි. අර අහිංසක පොහොට්ටුවොන්ට කීවා ‘හරි මම ඡන්දය කල් දාන්නම්’ කියලා. පොහොට්ටුවෝ බලා හිටියා ‘කල් යයි’ කියලා. රනිල් වික්‍රමසිංහට උවමනා වෙලා තිබ්බේ ඡන්දය තියන්නයි. එතකොට පොහොට්ටුව හතරගාතයෙන් වැටෙනවා. බැසිලාගේ ආධිපත්‍යය බිඳවැටෙනවා. එතකොට අර නවරියන්, මොලේ නැති හාදයා වගේ අය ‘පස්වාන් දහසකට බුදු වෙන්න’ කියා රනිලුන් ළඟ දණ ගහනවා. රනිල්, ජනාධිපති කළ 134 වහල්ලු බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අත දික්කරන දෙසට ගමන් කිරීමට පටන් ගන්නවා. බැසිලාණන් තමන්ගේ දේපළ තියෙන ඇමරිකාව දෙසට චුත වේවි. අපි ළඟදීම උන්නැහේගේ ඇමරිකාවේ දේපළ ලැයිස්තුව හෙළි කරනවා. ‘ඒකත් බලලාම රටින් පිටවෙන්න’ කියා අපි ඉල්ලනවා. මාර්තු 9 වැනිදා පොහොට්ටුවොන්ට ලොකුම කැත වැඩේ හැටියට පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ කරපු මේ වැඩේ. එදායින් පස්සෙ මේ දේශපාලන පිටියේ සමීකරණය බොහෝ වෙනස් වෙනවා. දේශපාලන පිටියේ නව බලාපොරොත්තු දැල්වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතාම ධනාත්මක චින්තනයකින් යුක්තව හෙලිකොප්ටරයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කවුරුත් ඇප කැප වෙමු!“යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසිය.

 

මෙහිදී ජයග්‍රහණය වෙනුවෙන් අපේක්ෂක පිරිස දැනුම්වත් කිරීම, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, නිදහස් ජනතා සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ඇතුළු නායකයෝ පිරිස සිදු කළහ.

 

Post Views: 19
Previous Post

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

Next Post

වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

editor

editor

Next Post

වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved