හොරණ සිට 120 බස් මාර්ගය ඔස්සේ කහතුඩුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී පිටකොටුව දක්වා ධාවනය වන බස් රථයකට නව බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ආරම්භ කළ වර්ජනය අද (03) දෙවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. හොරණ – කොළඹ මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ සියල්ල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටීම හේතුවෙන් කාර්යාල සේවකයින් සහ පාසල් දරුවන් ඇතුළු මගී ජනතාව දැඩි ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. වර්ජනය හේතුවෙන් දුම්රිය සහ ලංගම බස් රථවල දැඩි තදබදයක් පවතින බව ද වාර්තා වේ.














