• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරු අල්ලන කතා ආයෙත් කියන්න අපි ඉඩ තියන්නෙ නෑ – නාමල්

10 September 2024
in දේශීය, පුවත්
හොරු අල්ලන කතා ආයෙත් කියන්න අපි ඉඩ තියන්නෙ නෑ – නාමල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළ සටන් පාඨයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

පහු පෙන්වා දුන්නේ එදා යහපාලන ආණ්ඩුව සමයේ ජනතා බදු මුදල් නාස්ති කරමින් ලොව පුරා ගොස් ගිණුම් පරීක්ෂා කරමින් රාජපක්ෂලාගේ ගිණුම්වල අයුතු ලෙස උපයාගත් කිසිවක් නොමැති බව සොයාගත් පිරිසම අද හොරු අල්ලන්න යැයි කියමින් ජනාධිපති අපේක්ෂකයන් වී ජනතාව ඉදිරියට පැමිණ ඇති බවයි.

නාමල් රාජපක්ෂ මේ අදහස් පළ කළේ මාතලේ ඊයේ පැවැති ජන රැලියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු තාක්ෂණය බද්ධ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණය වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බව කියා සිටියේය.

“දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නෙ. යහපාලන ආණ්ඩුවෙත් එහෙම්මම ආවා.කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම එක කමිටුවකට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා, නඩු පිට නඩු දැම්මා. ඒ හැම නඩුවකින්ම අපි නිදොස්කොට නිදහස් වුණා. වර්තමාන ජනාධිපතිවරයා, එවකට යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා, පැහැදිලිව ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ලා රාජපක්ෂලාගේ ගිණුම් පිළිබඳව හෙව්වා. අයුතුලෙස උපයාගත්ත කිසි දෙයක් තියෙනවා කියලා සාක්ෂියක් නෑ කියලා. ඒ නිසයි ඒ අය නඩුවලින් නිදහස් වුණේ කියලා. හැබැයි ඒ හැම පරීක්ෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. සමහරවිට එයාලා ණයට ගත්ත රු.බිලියන 12.5 ගන්නත් ඇති.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“ලැබ්බොගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා.අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා. ඒ වගේ බොරුවෙන් ජනතාව මුලා කළ පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නෙ. වංචාව දූෂණය මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. අපි ඒක කරන්නෙ තාක්ෂණය හඳුන්වලා දීලා, ටෙන්ඩර් පටිපාටි ගෙනල්ලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තරගකාරී ලන්සු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වලා දීලා තාක්ෂණයත් එක්ක බද්දකර දීලා විනිවිදභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙළක් හඳුන්වාදෙනවා. අපි මතක තබාගන්න ඕනේ අපි ගනුදෙනු කරන්නෙ ලෝකයත් එක්ක. අපි ගනුදෙනු කරන්නෙ මේ රටේ මේ මාතෘභූමියෙ පය ගහලා ඉන්න මව්පියන්ගෙ දරුවන්ගෙ ආර්ථිකය සුරක්ෂිත කරන්න. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් අයෝජන,නිෂ්පාද හෝ සේවා අංශයේ වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්. රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු දහය තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම බාරගන්නවා කියන එක ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 14
Previous Post

ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි

Next Post

මිල්කෝ කිරි පිටි මිල පහළ දමයි

Editor TTV News

Editor TTV News

Next Post
මිල්කෝ කිරි පිටි මිල පහළ දමයි

මිල්කෝ කිරි පිටි මිල පහළ දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved