මෙම වසරේ පළමු මාස නවය තුළ දී ළමයින්ට එරෙහි ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 414 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අතරින් බරපතළ ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 192ක් ලැබී ඇති බවය.
ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ, සමස්තයෙන් පැමිණිලි 7,677 ක් ලැබී ඇති අතර, ඒ අතරින් අධිකාරි පනතට අදාළ පැමිණිලි 6,296ක් සහ අදාළ නොවන පැමිණිලි 1,381ක් ලෙස වර්ගීකරණය කර ඇත.
එම කාලය තුළ ඇතිවූ වැඩිම පැමිණිලි සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේ පුරා ලැබී ඇති අතර එම සංඛ්‍යාව 1,176ක් බව ද වාර්තා වෙයි.
අධිකාරි පනතට අදාළ පැමිණිලි අතර,
ස්ත්‍රී දූෂණ පැමිණිලි 49ක්
ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 111ක්
සිගමන් යෙදවීම සම්බන්ධ පැමිණිලි 203ක් ලැබී ඇත.
එමෙන්ම පනතට අදාළ නොවන පැමිණිලි අතරින්,
යොවුන් වියේ ගැබ් ගැනීම් 62ක්
සයිබර් හිංසන 102ක්
ගෘහස්ථ හිංසන 38ක්
සියදිවි නසා ගැනීමේ උත්සාහයන් 13ක්
ගබ්සා කිරීම 1ක් ලෙස වාර්තා වී ඇත.
අමතරව මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි 83ක් ද ලැබී ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදාගැනීම 27ක් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට මත්ද්‍රව්‍ය වෙළෙදම 3ක් ලෙස සටහන් වී ඇත.
මේ අතර, දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීමේ ප්‍රවණතාවයක් පවතින බව කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය සඳහන් කළාය.
ඇය මේ අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති විශේෂ උත්සවයක් අමතමින්ය.












