ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් පාසල් සිසුන් සහ තරුණයන් ඉලක්ක කර ගනිමින් මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු මත්කරල් 2,000ක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල පොලිසිය සමත් වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා සිදු කළ මෙම වැටලීමේදී, ප්‍රධාන සැකකරුගේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම ලෙස පාර්සල් 20ක අසුරා තිබූ මෙම මත්කරල් තොගය සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචි 37 සහ 24 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් ද දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හෙළි වී තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව මොවුන් මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10ක පාර්සලයක් රුපියල් 10,000ක මුදලකට අලෙවි කර ඇති අතර, පොලිස් භාරයට ගත් මත්කරල් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වේ.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ තරුණ ප්‍රජාව නොමඟ යවමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත. පොල්ගහවෙල පොලිසිය මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම මත්කරල් ජාලයේ තවත් සම්බන්ධතා පවතින්නේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














