• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

17 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණු අතර වේ.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (16) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවී කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්විනි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ නිලධාරිහු මෙන්ම පළාත් කෘෂිකර්ම නිලධාරිහු සහ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරිහු සහභාගි වූහ.

මෙම වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අප රටේ ගොවිතැනින් තරුණ ප්‍රජාව ඈත් වෙමින් සිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි අවධාරණය කළේය.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි. මේ සම්බන්ධව මම අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළා. විශේෂයෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ගැන මම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කළා. මේ සම්බන්ධව රජය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ නිසා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

Post Views: 12,975
Previous Post

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

Next Post

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved