• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක් දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන අද : මහ මැතිවරණය ගැන තීරණාත්මක සාකච්ඡාව 1ට !

20 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද (20) මෙරටින් එක් දිනක් තුළ  වාර්තා වූ  වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ අතර ඒ ප්‍රමාණය  24 කි.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයන්  ගණන 295ක්  දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා සිටින්නේ හිමි වාර්තා වූ රෝගීන් 24 දෙනාම කොළඹ 12 ,බන්ඩාරනායක පුර ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කර  සිටි  පිරිස් බව ය.

ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව  සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

මැකෝ දිහා රට බලාගෙන !

 මේ හමු වේ අද දිනයේ මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව ද දැනගන්නට ඇති අතර ඒ කෙරෙහි රටේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

ඒ මේ වන විට කොවිඩ් හේතුවෙන් කල් තබා ඇති මහ  මැතිවරණය ගැන තීරණයක් ගැනීමට නියමිත බවට පලවන වාර්තා නිසා ය.

මේ  අතර අද උදෑසන  විද්‍යුත් මාධ්‍යයක් වෙත  අදහස් දක්වමින් මැතිවරණ  කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය පවසා තිබුණේ පක්ෂපාතීත්වයකින් තොරව මහමැතිවරණය සම්බන්ධව ජනතාවට වඩා වැදගත්වන තීන්දුවක් ගන්නා බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ කොරෝනා වසංගතයේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වු ඇති සියලු කරුණු සලකා බැලිය යුතු බවයි.

එනිසාවෙන් වඩාත් ජනතාවට සුදුසු තීන්දුව ගැනීමට තමා උත්සහ දරණ බවත් පැවසු මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

තීරණාත්මක සාකච්ඡාවක් 

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධාවත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  සඳහන් කළේය.

ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්වය පිලිබද මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත තත්වයක් රට තුළ පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා , රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරින් පිරිසක් සහභාගිවන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිසම සහ ආරක්ෂක අංශ ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා මේ වන තෙක් නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මහා මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබු අතර කොවිඩ්-19 වෛරස අවධානම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ලැබුවේය.

Post Views: 0
Previous Post

කොරෝනා ආසාදනයවූවන් 271 ක් වෙයි

Next Post

ඇඳිරි නීතිය වේලාවන් සංශෝධනය කරයි – රජය

editor

editor

Next Post

ඇඳිරි නීතිය වේලාවන් සංශෝධනය කරයි - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved