10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමට සඳහා හෙට(21) උදෑසන 9.00 පමණ වනවිට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්රීවරුන්ට දැනුම්දී තිබේ.
ඇය පැවසුවේ, උදෑසන 10.00ට නව සභාවාරය ආරම්භ වන බවයි.
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව ඔවුන් පාර්ලිමේන්තුවේ ප්රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැඳී සිටි යුතු බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දැනුම්දෙයි.
මේ අතර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්රීවරුන් ලියාපදිංචි කිරීම අද (20) දිනයේත් සිදු වනු ඇත.
පාර්ලිමේන්තු සංකීරණයේ ස්ථාපිත තොරතුරු කවුළුවට පැමිණ මන්ත්රීවරුන්ට තම තොරතුරු ලබා දිය හැකියි.
ඇඟිලි සලකුණු ලබාදීම සඳහා මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බව ද මහලේකම්වරිය ප්රකාශ කළාය.