පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රීයේදී කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මෙම අනතුර සිදුව ඇත්තේ කඳුරුවෙල සිට කාත්තණ්කුඩි බලා ධාවනය වෙමින් පැවති බස් රථය පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම අසළදී ඇළකට පෙරළීමෙනි.
පොලීසිය සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින් සිටි බස් රථයක් අද (10) අලුයම අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම අනතුරින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවන් 6ක් හා පිරිමි පුද්ගලයෙක් අඹන්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් 18දෙනෙක් හා පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් ගල්ගමුව රෝහලේ ද ප්‍රතිකාර ලබයි.