අප රටේ ජිවත්වන 30 ට වැඩි, මිලියන 10 ක ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීම අවසන් කරලා තිබෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද(10) පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ එන්නත් ලබාදීමේදී අද ලෝකයේ අනෙකුත් රටවල් හා සාපේක්ෂව බලන විට අප ඉහල මට්ටමකින් එන්නත ලබාදීමේ රටක් බවට පත්ව ඇති බවයි.
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “ එසේම ඉදිරියේදි ප්‍රාථමික පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ ද කියලා අද කථිකාවතක් ඇතිවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබාගන්නවා.ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පරිදි ඉදිරියේදී පාසල් විවෘත කරන්නේ කෙසේද කියන එක සම්න්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපි රජයක් හැටියට අපේ වගකීම් ඉටු කරනවා. ඒ වගේම තමයි මොන බාධකය තිබුණත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ සෘජු මැදිහත්වීමකින් මේ එන්නත්කරණය සිදු කරනු ලබන්නේ. එන්නත් ලබා ගැනීමේදී රටවල්වල රාජ්‍ය නායකයින් සමඟ කතා කරලා පෞද්ගලිකව මැදිහත්විමකින් මේ එන්නත ලබා ගැනීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරයේදී ඉතා ඉක්මණින් අපේ රටට තවත් එන්නත් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය දිනවලදි වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අවස්ථාවක තමන්ගේ ව්‍යාපරයෙන් අයතු ලෙස ලාභ ලබන්න උත්සහ කරනවා නම් එය ඉතාම වැරදි සහගත දෙයක්. ඒ නිසා තමයි රජයක් හැටියට අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ හදිසි නීතිය පාර්මේන්තුවේ සම්මත කරගත්තේ. මේ හදිසි නීතිය සම්මත කර ගත්තේ මේ රටේ ජනතාව නිසා. ජනතාව ආර්ථික වශයෙන් ඉතාම පහළට වට්ටනවානම් ඒක මේ රටේ මිනිස්සුන්ව ජිවත් කරන්න නොවේ සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි පැහැදිලි ලෙස අපි මේ හදිසි නීතිය පනවලා මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ නියමිත කරන මිලට ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම් කළේ. රටේ ව්‍යාපාරකයින් ලෙස මේ වෙලාවේ ආපදා තත්වයකදි මේ රට ගැන හිතලා, ඔබත් දායකවෙන්න. අපේ රටේ මේ කොරෝනා උවදුරෙන් බේරා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට උදව් කරන්න කියලා අපි පැහැදිලිව මතක් කරනවා. යැයි අමාත්‍යයවරයා පැවසිය.