මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පලමු ලේකම් කෙන්ජි ඔහාෂි මහතා (Mr. Kenji Ohashi) විසින් නිල වශයෙන් භාර දුන්නේය.
මේ යටතේ ප්රදානය කරන ප්‍රතිජීවක ඖෂධ එන්නත් අතර Cefotaxime 1g vial 240,000 / Ceftriaxone 1g Vial 450,000 / Vancomycin 1g Vial 60000 වේ. මෙරටට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් ජපන් රජයෙන් කළ ඉල්ලීම මත මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එම රජය විසින් එම ආධාර තොගය ලබාදීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සෙයියා නිනෝමියා මහතා (Mr. Seiya Ninomiya)සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්යක්ෂ නිශ්ශංක, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ,සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්( වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, අධ්යක්ෂ (ප්‍රාථමික සත්කාර සේවා) වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ මහත් මහත්මින් ද සහභාගි වූහ.