මීගමුව සහ කටාන යන ප්‍රදේශ සඳහා හෙට (12) පෙ.ව. 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිදුකිරීමට නියමිත අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙයට හේතුවී ඇති අතර, මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවලටත්, කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයටත්, ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව සහ වයික්කාල යන ග්‍රාම නිලධාරී වසම්වලටත් මෙම ජල කප්පාදුව බලපැවැත්වේ. පවතින තත්ත්වය මත ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත්, අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.














