• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම විරෝධතාවයට ගිය 17 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබෙයි

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තඹුත්තේගම නගරයේ ඉඩම් මංකොල්ලයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් අතරේ රහසිගතව බෙදා දීමට විරෝධය පළ කරමින් බෙදා දුන් ඉඩම් අහෝසි කරන ලෙස බල කරමින් තඹුත්තේගම ප්‍රදේශවාසීන් පිරිසක් පසුගිය 04 වැනිදා තඹුත්තේගම නගරයේ පිහිටි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතාවක් සිදු කර එම විරෝධතාකරුවන් නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලයටද ඇතුළු වී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා සමඟද සාකච්ජාවක්ද සිදු කරනු ලැබීය.

එම උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිසෙන් 17 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.ඒ අතර දේශපාලන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන්, රජයේ නිළධාරීන් හා විශ්‍රාමික රජයේ නිළධාරීන්, ව්‍යාපාරිකයින් ලෙස තඹුත්තේගම හා අවට ප්‍රදේශවාසීන් පිරිසක් සිටියහ.

උද්ඝෝෂණය පැවති දින මහජනතාවට අවහිරයක් වන පරිදී ප්‍රධාන මාර්ගය අවහිර කර උද්ඝෝෂණයක නිරත වී ඇති බවට හා මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර අයි රණවීර මහතා විසින් උද්ඝෝෂණය පැවති දින උද්ඝෝෂකයින් තම කාර්යාලයට අයුතු ඇතුළු වීම, අයුතු සිරකර ගැනීම, අයුතු බලහත්කාරය පෑම යනදේ සිදු කළ බවට උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර සී.සී.ටී.වී දර්ශණද උපයෝගී කර ගෙන සැකකරුවන් හදුනාගෙන තිබිණි.ඒ අනුව අදාළ සිදුවීමට අදාළ සැකකරුවන් ලෙස හදුනාගත් පිරිස නීතිඥයකු මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විනිසුරුතුමන්ගේ නිළමැදිරිය තුළ මෙම පැමිණිල්ල විභාගයට ගැණුනු අතර, කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසත් ලබන වසරේ ජනවාරී 22 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කෙරිණි.

සැකකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥවරුන් වන සජීව ගුණරත්න, උත්තරා අබේසිංහ,ශ්‍රී ලාල් මහේස් තලංගල හා සමීර සේනාරත්න යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

අධිකරණ කටයුතු වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ ජේෂ්ඨ නීතීඥ සජීව ගුණරත්න මහතා.

තඹුත්ත‌ේගම නගරයේ ඉඩම් අවිධිමත් අකාරයට බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා තියෙනවා තඹුත්තේගම රැක ගන්න, එහිදී පොලීසිය ක්‍රියාත්මක වෙලා මේ අය යම්කිසි ආකාරයට අකර්මන්‍ය කරන්න, පීඩාවට ලක් කරන්න, උද්ඝෝෂණය කළා කියලා විවිධ චෝදනා යටතේ අගෝස්තු 08 වැනිදා කරුණු දැක්වීමක් කළා, එහිදී ගරු අධිකරණය මඟපෙන්වීමක් කළා පොලීසියට පැමිණිල්ලක් ලැබුණම නියමිත ආකාරයෙන් නඩුවක් පවරන්න නම් ඒ පුද්ගලයින්ට තියෙන චෝදනා සනාථ කරන්න පුලුවන් විධිමත් ක්‍රමවේදයකට අනුව අධිකරණයට කරුණු වාර්ථා කරන්න කියලා.

පොලීසියට අවශ්‍යතාව තිබුණා මේ පුද්ගලයින් කෙලෙස හෝ අධිකරණයට ඉදිරිපත් කරන්න, නමුත් අපරාධ නඩු විභාග සංග්‍රහයේ වගන්ති තියෙන්නේ නීත්‍යාණූකූල පුරවැසියන්ට පීඩා කිරීම සඳහා නෙමෙයි, මේ රටේ නීතිය හා සාමය රකින ක්‍රමවේදය තමයි එහි තියෙන්නේ.එහෙම තියෙද්දී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා දින ගණනකට පස්සේ නැවත පැමිණිල්ලක් දාලා අවසානයේ ඉදිරිපත් කරපු චෝදනා අයුතු ජනරාශියක්, අයුතු සිරකර තැබීමක්, අයුතු ඇතුළුවීමක් කියලා, රාජකාරියට බාධා කිරීමක් කියලා.මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක් වූවා, අයුතු ජනරාශියක් කියන්නේ පස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් නීතී විරෝධී කාර්යකට එකතු වෙනවා කියන එක, හැබැයි මෙතනදී එකතු වුණේ, මේ පිරිස සාකච්ජාවක් ඉල්ලා තිබෙනවා.ඒ පිරිස ඇතුළට අරගෙන අවසානයේදී පොලිසීයම 06 දෙනෙකුට එන්න කියලා නීතී විරෝධි රැස්වීමක් කරලා තියෙනවා.04 දෙනෙකුට එන්න කිව්වා නම් එහෙම වෙන්නේ නෑ.අනෙක් දේ තමයි නීත්‍යාණූකූල ක්‍රියාවක් කරන්න ගිය පිරිසක් කොහොමද රාජකාරීයට බාධා කළා වෙන්නේ.මේ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්තුමන් ඇප ලබා දුන්නා., පොලීසියේ නිළධාරීන් හා මේ අධිකරණයේ නීතීය මේ ආකාරයෙන් භාවිතා කරලා නීත්‍යාණූකූල පුරවැසියන් අ‌ධෙර්යමත් කලොත් මේ තියෙන සාමකාමී බව හෝ මේ වටපිටාව තඹුත්ත‌ේගමට අහිමි වෙනවා.මීට වඩා අවසානාවන්ත තත්වයකට පත් වෙනවා.

ඇප ලබා පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මහතා ඇතුළු පිරිස, “ී අපි තඹුත්තේගම රැක ගන්න ඉදිරිපත් වුණේ, මහවැලිය බරපතල වරදක් සිදු කළා ජනාධිපතිතුමන්ගේ නියෝග පැහැර හැරලා, මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ජා කළා, ඒ සාකච්ජා අසාර්ථක වීම මතයි අපි විරෝධතාවයන් සිදු කලේ.අපි මේ විරෝධතාවය අතරතුර නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා සමඟ සාකච්ජාවක් කළා, අයුතු ජනරාශි, අයුතු ඇතුල්වීම් කියලා අපිව අධිකරණයට ඉදිරිපත් කලා.අපිව අධිකරණයට ඉදිරිපත් කරලා, අත්අඩංගුවට අරන් නවත්වන්න බෑ, අපි දිගටම මේ සටන කරනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 5
Previous Post

ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයට පොස්පේට් ආයතනය සේවකයින්ගෙන් දැඩි විරෝධයක්

Next Post

මාතලේ ඕවිලිකන්ද හරහා කුරුණෑගල දක්වා මාර්ගයේ ප්‍රථම වතාවට ලංගම බස් රථයක් ධාවනයට එක් කෙරේ

editor

editor

Next Post

මාතලේ ඕවිලිකන්ද හරහා කුරුණෑගල දක්වා මාර්ගයේ ප්‍රථම වතාවට ලංගම බස් රථයක් ධාවනයට එක් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved