නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී අද (23) පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 58කට දැවී ගියේය. මෙය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 18 පන්දු 5ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක විල් බයිරොම් (Will Byrom) ලකුණු 14කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සුණු විසුණු කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චාමික හීනටිගල ලකුණු 14ක් ලබාගත් අතර, පිතිකරුවන් අට දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට අපොහොසත් වූහ.
ජපානයට එරෙහිව ලෝක වාර්තාගත ශතක සබඳතාවක් පැවැත්වූ දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත වැනි ක්‍රීඩකයන්ට ද මෙම තරගයේදී දක්ෂතා දැක්වීමට නොහැකි වීම කැපී පෙනුණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය ඉතා පහසුවෙන් සපුරා ගත්හ.












